Sunday, May 11, 2025
Home » හරින් ජනපති උපදේශක ධුරයට

හරින් ජනපති උපදේශක ධුරයට

by sachintha
August 20, 2024 3:36 am 0 comment

හිටපු ඇමැතිවරයකු වූ හරින් ප්‍රනාන්දු මහතා සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධ ජනාධිපති උපදේශකවරයකු ලෙස පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව මෙම පත් වීම සිදු කර ඇත. හරින් ප්‍රනාන්දු මහතා මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වා රජය හා එක්වූ අතර ඉන් පසු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු යන අමාත්‍ය ධුරද ඔහු විසින් හොබවන ලදි. කෙසේ වුවත් රජයට සහාය දැක්වීමට ඔහු ගත් තීරණයත් සමඟ සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ අතර ඒ සම්බන්ධව පැවති නඩු විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හරින් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධව සමගි ජන බලවේගය ගනු ලැබූ පියවර නීත්‍යනුකූල බව තහවුරු කළේය. එමඟින් ඒ මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මෙන්ම එතෙක් ඔහු දරමින් සිටි අමාත්‍ය ධුරද අහිමි විය. කෙසේ වුවත් මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟ සිය දේශපාලන කටයුතු සිදු කරන අතර පසුගිය ජූනි 02 වැනිදා සිට එම පක්ෂයේ ජාතික මැතිවරණ ලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කරයි.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT