Saturday, May 10, 2025
Home » මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවය අද

මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවය අද

by sachintha
August 20, 2024 7:45 am 0 comment

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්ති උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මන්දිරයේ දී අද (20) පස්වරුවේ පැවැත්වෙයි. දවල් පෙරහර ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සතර මහා දේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු සමඟ පෙරහරින් ජනපති මැදුර වෙත ගොස් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය ජනපතිවරයා වෙත භාරදීම මෙහි දී සිදු කෙරෙයි. පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් වන ඉල්ලීම් ඇතුළු කරුණු රැසක් පෙරහර සංදේශයට ඇතුළත් වෙයි. පෙරහර සංදේශය ජනපතිවරයා වෙත භාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහරට දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් සම්බන්ධ වූ කලාකරුවන් අගයමින් සම්මාන සහතික ප්‍රදානය ජනපතිවරයා අතින් සිදු කෙරෙයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT