පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙයි.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුගිය 18 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (19) උදෑසන එම පුද්ගලයා මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවත්, මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඝාතනය කර ඇති බවත්, විමර්ශනයේදී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.
අපරාධය සඳහා භාවිතා කළ පිහියක්ද සමඟ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි කොට්ටුකච්චය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි