කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වේ.
එමෙන්ම කුකුළේ ගඟ සහ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇත.
වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පි. සී. සුගීෂ්වර මහතා පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ජල ගැලීම් තත්ත්වයක් පවතින බවයි.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.