Home » පවතින ක්‍රමය වෙනස් කිරීමට ව්‍යවසායකත්ව රාජ්‍යයකට යා යුතුයි

පවතින ක්‍රමය වෙනස් කිරීමට ව්‍යවසායකත්ව රාජ්‍යයකට යා යුතුයි

-හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

by sachintha
August 20, 2024 2:56 am 0 comment

මෙරට පවතින ක්‍රමය වෙනස් කිරීම පිණිස ව්‍යවසායකත්ව රාජ්‍යයකට යා යුතුව ඇති බවත් ව්‍යවසායකත්ව රාජ්‍යයන් අද වන විට දියුණුවට පත්ව ඇති බවත් හිටපු ආණ්ඩුකාරවරියක වන අනුරාධා යහම්පත් මහත්මිය යක්කලදී පැවති කාන්තා නියෝජිත හමුවකදී පැවසුවාය. ‘සර්ව ජනබල’ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා නියෝජිතවරියන් පිරිසක් දැනුම්වත් කරමින් යහම්පත් මහත්මිය එලෙස සඳහන් කළාය.

මෙහිදී ඇය තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය.

‘රටේ නැතිවූ සභ්‍යත්වය යළි මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ‘සර්ව ජනබලය’ජනතාව වෙත ඉදිරිපත් කොට තිබෙනව. අද වන විට අපි කොයිතරම් නම් ආර්ථිකයෙන් මිරිකිලාද ? අපි සැවොම පුද්ගලිකව හිටපු තත්ත්වයෙන් පහළට ගොස් තිබෙනවා. මෙය වෙනස් කරන්න ආපු නායකයෙකු තමයි අප පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා. අද වන විට අපේ රටට විශාල ණය බරක් තිබෙනවා. ණය ගෙවන්න තවත් ණය අරන්, ශුභ ආරංචියක් යැයි කියනව. අද වනවිට ජනතාවත් රටත් හොඳට පීඩාවට පත්ව සිටිනව. පවතින මෙම ක්‍රමය වෙනස් කිරීමට ව්‍යවසායකත්ව රාජ්‍යයකට යා යුතුයි. ව්‍යවසායකත්ව රාජ්‍යයන් අද දියුණුවට පත්ව තිබෙනවා. මීට හොඳම නිදසුන ජපානයයි. අපි බලාපොරොත්තු වෙනව මේ රටේ වෙනසක් කරන්න. මේ සදහා අපි දිලිත් ජයවීර මහතා ජයග්‍රහණය කරවීමට පියවර ගත යුතුයි. ලස්සන ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපි කැපවීමෙන් කටයුතු කරමු.’

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT