Saturday, May 10, 2025
Home » USS Spruance නෞකාව කොළඹ වරායට

USS Spruance නෞකාව කොළඹ වරායට

by sachintha
August 20, 2024 3:45 am 0 comment

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Spruance නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් USS Spruance නෞකාව, දිගින් මීටර් 160 ක් හා නැව් මුළුව 338කින් සමත්විත වන අතර, නෞකාවේ අණ දෙන නිලධාරි ලෙස Commander Thomas Adams කටයුතු කරනු ලබයි.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව USS Spruance නෞකාව අද (20) ආපසු පිටත්ව යෑමට නියමිතව ඇත.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT