ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (20) පැවැත්විණි. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට එහිදී තීරණය වී තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
නව දේශපාලන පක්ෂය සඳහා නම් කීපයක්ම එහිදී යෝජනා වී ඇති අතර ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය සඳහා ව්‍යවස්ථාව මේ වන විටත් සකස් කර ඇති බැවින් ඒ ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ද එහිදී මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
නුවන් කොඩිකාර