Thursday, May 8, 2025
Home » කතුරක් අතුරුදන්වී ජපානයේ ගුවන් ගමන් වාර 36ක් අත්හිටුවයි

කතුරක් අතුරුදන්වී ජපානයේ ගුවන් ගමන් වාර 36ක් අත්හිටුවයි

by sachintha
August 21, 2024 1:12 am 0 comment

ජපානයේ හොකයිඩෝ ගුවන්තොටුපොළේ දේශීය ගුවන් ගමන් පර්යන්තයේ පිවිසුම් දොරටුවකදී කතුරක් අතුරුදන්වීම හේතුවෙන් පසුගිය සති අන්තයේ එම පර්යන්තයේ ගුවන් ගමන් වාර 36ක් අවලංගු කිරීමට සහ තවත් ගමන් වාර 201ක් ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මගීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන බලධාරීන් මේ තීරණය ගෙන ඇති අතර, ගුවන් ගමන් අත්හිටුවීම හා ප්‍රමාද වීම හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් දැඩි අසීරුතාවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලොව වඩාත්ම කාර්යබහුල දේශීය ගුවන්තොටුපොළක් ලෙස ප්‍රචලිත හොකයිඩෝ ගුවන්තොටුපොළේදී උද්ගත වූ මේ අනපේක්ෂිත තත්ත්වය දින දෙකක් පුරා පැවැති බවත්, අතුරුදන්වූ කතුර එම පිවිසුම් දොරටුව අසළ වෙනත් ස්ථානයක තිබී හමුවුවද, එය පෙර දින අතුරුදන්වූ කතුර බවට තහවුරු කරගැනීමට ගුවන්තොටුපොළ බලධාරින් තවත් දිනයක් වැය කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පසුව ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කර ඇත්තේ කතුර පිළිබඳ නිවැරදි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසුවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT