Friday, May 9, 2025
Home » කෝටි 5කට විකුණන්න තිබූ අඟල් 21ක් උස චෛත්‍යයක අනුරුවක් හඳපානාගල නිවෙසකදී අත්අඩංගුවට

කෝටි 5කට විකුණන්න තිබූ අඟල් 21ක් උස චෛත්‍යයක අනුරුවක් හඳපානාගල නිවෙසකදී අත්අඩංගුවට

by sachintha
August 21, 2024 1:20 am 0 comment

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත හඳපානාගල ප්‍රදේශයේ පෙරේදා (19) සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි පහකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අඟල් 21ක් උස ශෛලමය චෛත්‍යයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චෛත්‍යය මැණික් ගල් ඔබ්බවා ඇති බවට පවසමින් එය රුපියල් කෝටි පහකට අලෙවි කිරීමට සූදානම් කර තිබිණි.

ඒ අනුව පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමෙන් සැරසී එය මිලදීගැනීමට හඳපානාගල ප්‍රදේශයේ එම නි‍ෙවසට ගොස් ඇති අතර චෛත්‍යය පරීක්ෂා කරමින් සිටියදී පොලිසිය පැමිණ සැකකරු සමඟ චෛත්‍යය අත්අඩංගුවට ගෙන ඇත.

අඟල් 21 පමණ උස ශෛලමය මෙම චෛත්‍යය විවිධ වර්ණවලින් යුත් මැණික් ගල් යැයි සැලකෙන ගල් හතරක් ඔබ්බවා තිබේ. එහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය. 39 හැවිරිදි සැකකරු බුත්තල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන හඳපානාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයාට මෙම චෛත්‍යය රත්නපුර ප්‍රදේශයෙන් ලැබුණු බවට තොරතුරු අනාවරණයවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT