වල් අලියකු කඩා වැදී මහකුඹුක්කඩවල පානීයමඩුව ප්‍රදේශයේ වී ගබඩාවකට පහරදී වී උර රැගෙන ගිය බව හිමිකරුවෝ ඊයේ (20) පැවසූහ.
පානියමඩුව ප්‍රදේශයේ පිහිටි මෙම වී ගබඩාවට ඊයේ (20) අලුයම කඩා වැදුණ තනි අලියකු වී ගබඩාවට පහර දී අසුරා තිබූ වී උර එළියට ඇද දමා කා දැමූ බව ගබඩා හිමිකරුවෝ පවසති.
මෙසේ කඩා වැදුණ තනි අලියා වී ගබඩාවේ බිත්ති කඩා වී උර රැගෙන ගිය බව ද පවසයි.
වල් අලියා කඩා වැදී වී ගබඩාවට පහරදෙන විට එහි වී කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ බවත් ගබඩා හිමියා හා අවට පිරිස් එක්වී මහත් වෙහෙසක් දරා තනි අලියා එළවා දැමීමට කටයුතු කළ බවත් පවසයි.
ජනතාව පවසන්නේ මේ වන විට කුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශවල වල් අලි 40කට ආසන්න සංඛ්‍යාවක් කැලෑවල රැඳී සිටිමින් රාත්‍රිය වන විට ගම්මාන වෙත කඩා වැදීම සිදුවන බවයි.
මේ නිසා ජනතාවගේ දෛනික කටයුතු කර ගැනීම මහත් ගැටලුවක් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ