බණ්ඩාරවෙල සිට ගාල්ල කරාපිටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ නව සුඛෝපභෝගී ශ්රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කළ බව ශ්රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝ කළමනාකාර ඩී. එම්. සුනිල් දිසානායක මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලස ද කීවේය.
Òබණ්ඩාරවෙල සිට පෙරවරු 8.30ට දිනපතා ගාල්ල කරාපිටිය දක්වා ගමන් ආරම්භ කරන මේ සුඛෝපභෝගී බස් රථය යළි කරාපිටිය සිට පස්වරු 2.00ට ද, ගාල්ලෙන් පස්වරු 2.15ට ද බණ්ඩාරවෙල බලා ගමන් ආරම්භ කරයි. මෙහි ගමන් ගාස්තුව රුපියල් 1700ක්.
බණ්ඩාරවෙල සිට ගමන් ආරම්භ කර ඇල්ල, වැල්ලවාය, කුඩාඔය, තණමල්විල, 22 හංදිය, මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පින්නදූව ගාල්ල කරාපිටිය දක්වා බස් රථය ධාවනය වෙයි.
සී. ගමගේ – සොරණාතොට සමුහ