152
පාසල් නිවාඩුව ආරම්භ වීමත් සමඟ මේ දිනවල බදුල්ල – කොළඹ කොටුව දුම්රිය මගීන්ගෙන් පිරී පවතී.
පාසල් නිවාඩුව ආරම්භ වීමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – කොළඹ කොටුව අතර එදිනෙදා ධාවනය වන උඩරට මැණිකේ, පොඩිමැණිකේ , විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය, දුන්හිඳ ඔඩිසි, ඇල්ල ඔඩිසි, රාත්‍රි තැපැල් දුම්රියවලට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පාසල් නිවාඩු සමයේ මගීන්ගේ පහසුවට බදුල්ල – කොළඹ කොටුව අතර අමතර විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් ධාවනයට යොදවා තිබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සී. ගමගේ – සොරණාතොට සමූහ