Friday, May 16, 2025
Home » මැයි 12 වැනිදා අනුරගෙන් ලියුමක් ගෝඨාභයට ලැබුණේ නෑ

මැයි 12 වැනිදා අනුරගෙන් ලියුමක් ගෝඨාභයට ලැබුණේ නෑ

-හැකි නම් ඔප්පු කරන්න

by sachintha
August 21, 2024 1:34 am 0 comment

රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ නායකයා පවසන ආකාරයේ ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2022 වසරේ මැයි මස 12 වැනි දින ලැබී නැති බව 7 වැනි විධායක ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස ඒ මහතා පෙන්වා දෙයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙම පදනම් විරහිත ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසන සුගීෂ්වර බණ්ඩාර මහතා හැකි නම් එම ලිපිය ඉදිරිපත් කරන ලෙසත් එය භාර දුන්නේ කාහටදැයි පවසන ලෙස අභියෝග කරන බව ද කියා සිටී. පැවැති අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත් ඒ වෙනුවෙන් බලය ලබාදෙන්නැයි ඉල්ලා මැයි මස 12 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ නමුත් එවැනි ලිපියක් ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබුණේ යැයි ද අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT