Thursday, May 8, 2025
Home » උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ පිරිසක් ගැටලුවලට විසඳුම් ඉල්ලා ඇමැති හමු වෙති

උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ පිරිසක් ගැටලුවලට විසඳුම් ඉල්ලා ඇමැති හමු වෙති

by sachintha
August 21, 2024 1:10 am 0 comment

උතුරේ ධීවරයන්ට මුහුණදීමට සිදු වී ඇති ප්‍රශ්න හා ගැටලුවලට විසඳුමක් ලබා ගැනීමට උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ පිරිසක් පෙරේදා(19)යාපනයේදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හමු වී සාකච්ඡාවක් පැවැත්වූහ.

ඇමැතිවරයාගේ යාපනයේ පිහිටි කාර්යාලයේදී මේ සාකච්ඡාව පැවති අතර එහිදී ඔවුන් කියා සිටියේ දකුණේ ධීවරයන්ට සාපේක්ෂව උතුරේ ධීවරයන්ට ලැබෙන සහනාධාරවල විශාල අඩුවක් පවතින බවයි.

ධීවරයන්ට නිවාස යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීමේදී හා භූමිතෙල් ලබාදීමේදී උතුරේ ධීවරයන්ට අසාධාරණකම් රැසක් සිදු වන බව උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

උතුරේ ධීවරයන්ට සෙසු ධීවරයන්ට වඩා ඉන්දීය ධීවරයන්ගෙන් හානි හා පාඩු රැසක් සිදුවන පරිසරයක දකුණේ ධීවරයන්ට ලැබෙන පහසුකම් කප්පාදුවීම කෙරෙහි ඇමැතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ද මෙහිදී උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාකච්ඡාවෙන් පසුව අමාත්‍යවරයා උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ව අමතා ප්‍රකාශ කළේ උතුරේ ධීවරයින්ට ඇති ප්‍රශ්න සියල්ලටම ඉතා ඉක්මනින් කඩිනම් විසඳුමක් ලබා දීමට තමන් මැදිහත් වන බවයි.

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය විසඳීමට තමන් විශාල කැප කිරීමක් සිදු කළ බවත් යළිත් වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන බවට ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා මෙහිදී උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ට පොරොන්දු විය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT