ජාජබ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක”පාතාලය සුද්ද කර ඔබට, ඔබේ දරුවාට ඇතුළු සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නිදහස් රටක් අපි බලය ගෙන කෙටි කාලයකින් නිර්මාණය කරනවා. අපරාධ හෙළිදරව් කරගැනීමේ, මැඬලීමේ, තුරන් කිරීමේ අත්දැකීම් බහුල විශේෂඥ කණ්ඩායමක් ද දැන් අප සතුයි.” යනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 18 වැනිදා කිරිබත්ගොඩ පැවති ජන රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අපි බලයට පත්වුණාම රට ගොඩනඟන්න ඉන්නේ කවුද කියලා අපෙන් අහන අයට මේ වේදිකාවෙන්ම අපි උත්තර සපයා තියෙන බව ඔබට පේනවා. මෙතැන ඉන්නේ ටික දෙනෙක් පමණයි. බොහෝ මැතිවරණවල ජයග්‍රහණයේ දිසාව තීරණය කර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය. සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපි ජයග්‍රහණය කරනවා. අපේ ජයග්‍රහණයේ දිශානතිය දැන් පැහැදිලියි. මෙතැනට පැමිණිලා ඉන්න දස දහස් සංඛ්‍යාත ඔබ මේ රැලියට සහභාගි වෙන්නේ ස්වේච්ඡාවෙන්. අනෙක් පක්ෂවල වගේ නෙවෙයි.
ඡන්දෙ කාලෙ ආපු ගමන් මාස දෙකක් විතර ඒ අය ජනතාවට වැඳගෙන එනවා. ඡන්දෙ ගත්තට පස්සෙ අවුරුදු 05ක් ජනතාව ඒ අයට වැඳගෙන වහල්ලු වගේ ඉන්න ඕනෑ. මේක තමයි දිගටම සිද්ධ වුණේ. දැන් ඔන්න ඒ අය ඔබලාට වැඳගෙන එන කාලෙ. මම දැක්කා, සජිත්ගේ නංගි නිහතමානීකම පෙන්නන්න අම්ම කෙනකුගේ හැට්ටේ කට්ටක් ගහලා වීඩියෝ කර දාලා තියෙනවා. තව අම්ම කෙනෙක් ගාවට ගිහිල්ලා එයාට සාරිය අන්දනවා. මේක කියන්නත් හොඳ නෑ. මට නම් ඒ පවුල ගැන මොකක්දෝ හිතෙනවා. නැත්නම් මෙහෙම විකාර කරයිද?
මේ කිරිබත්ගොඩ නගරය කාලයක් කප්පම් දේශපාලකයන්ගේ රජදහන බවට පත්වෙලා තිබුණා. ව්‍යාපාරිකයන් ව්‍යාපාරයක් කරන්න බයයි. පළාතේ මන්ත්‍රීට කප්පම් දෙන්න ඕනෑ. පෙට්ටි කඩයක් දානවා නම් ඒකටත් කප්පම් දෙන්න ඕනෑ. ව්‍යාපාරයකට ගොඩනැඟිල්ලක් හැදුවොත් ඒකටත් මාස්පතා කප්පම් දෙන්න ඕනෑ. අද මේ රැස්වෙලා ඉන්නේ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ඒ කප්පම් දේශපාලනය වෙනස් කර රට අලුත් මාවතකට ගෙන යන්න අදිටන් කර ගත් ජනතාවක්.
මම එක සහතිකයක් දෙනවා, මේ කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරික ප්‍රජාවට. ඔබ පළාතේ මන්ත්‍රීට කප්පම් ගෙවමින්, එයාට බියෙන් ගත කරපු කාලය මේ සැප්තැම්බර් 21 වෙනිදායින් පසු අපි අනිවාර්යයෙන්ම අවසන් කරනවා. ඔබේ ව්‍යාපාර කිරිබත්ගොඩ නගරයෙනුත් එහාට ව්‍යාප්ත වෙන්න ඕනෑ. අන්න ඒ සඳහා පහසුකම් සපයන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ.
බැඳුම්කර ගනුදෙනුව හොර වැඩක් නොවෙයි කියලා පොතක් ලියන්න දැන් සජිත් ළඟ ඉන්න සුජීව සේනසිංහට රුපියල් ලක්ෂ 30ක් දුන්නැයි කියලා අර්ජුන ඇලෝසියස් එයාගේ කටඋත්තරයෙන් කියනවා. ඒ දවස්වල බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුවේ හෙළි කළ අපේ හඳුන්නෙත්ති සහෝදරයට ඔය දැන් සජබ වේදිකාවේ ඉන්න සමහරු බරපතළ තර්ජන පවා කළා.
දැන් අහනවා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මෙහෙයවන්නේ කවුද කියලා. අපට අත්දැකීම් නෑලු. ඔව්. අලුත් අය, නැවුම් අය තමයි අපේ ආණ්ඩුව මෙහෙයවන්නේ. නමුත් ඒ ඒ විෂයපථ පිළිබඳව විද්‍යාත්මක දැනුම, අවබෝධය, අත්දැකීම් තියෙන අය. අපෝ ඔය අයගේ අත්දැකීම්, පළපුරුද්ද නම් අපට එපා. ඒවා මුළු රටම දන්නවා නේ. අපි ළඟ ඉන්නේ අවංකභාවය තිෙයන අය. හොරකම් නොකරන අය. අන්න එහෙම පළපුරුද්ද තිබෙන අය. දැන් ජාතික ජන බලවේගයේ රට මෙහෙය වන කණ්ඩායම දැකලා රනිල්ලගේ, සජිත්ලගෙ පැතිවල ඉන්න අය බය වෙලා.
අපත් සමඟ ඉන්නේ ඒ ඒ විෂයයන් පිළිබඳ හසළ දැනුමක් තියෙන, අත්දැකීම් තියෙන, ඒ ඒ විෂයයන් පිළිබඳ ඒවායේ ලෝක මට්ටමේ නව ප්‍රවණතා පිළිබඳ, නව දැනුම් පද්ධති පිළිබඳ පර්යේෂණ කරන, අලුත් දැනුම අපේ රටට ගේන උසස්ම ගණයේ විද්වතුන්. අපි ළඟ ඉන්නේ බුද්ධිමත්ම කණ්ඩායමක්. අපි අර සජිත් වගේ ඒ අයට වගකීම් පවරන්නේ එකිනෙකාට හොරෙන් කනට කරලා තනි තනියෙන් රහස් කියලා නොමෙයි. එකම ඇමැතිකම එකිනෙකාට හොරෙන් හතර පස් දෙනකුට දෙනවා කියලා කනට කරලා පොරොන්දු වෙලා නොවෙයි.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ මහජනයාගේ දේපොළ සාංඝික දේපොළ වගේ ආරක්ෂා කරන ආණ්ඩුවක්. අපි බලය ගත් වහාම ජනතාවට ඉටු කරන කටයුතු කිහිපයක් තියෙනවා. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, තෙල්, විදුලිය, ගෑස්, ඖෂධ ඉතාම සාධාරණ මිලකට දීමට සැලසුම් කර තිබෙනවා. දරුවන්ගේ පාසල් උපකරණවල බදු මුළුමනින්ම අහෝසි කරනවා. දිළිඳු පවුල් සඳහා අවමය රුපියල් 10,000කට යටත්ව දීමනාවක් මාසිකව දෙනවා. එය රුපියල් 10,000 සිට 20,000 දක්වා පරාසයක දීමට සැලසුම් කර තිබෙනවා.
සියලුම ක්ෂේත්‍රවලින් නව මාවතක, දියුණු මාවතක රට ගෙන යෑමට සියලු සැලසුම් මේ වන විටත් සකස් කර හමාරයි. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අනිවාර්යයෙන්ම අපි ඔබට උරුම කර දෙනවා. ඒ සඳහා රට ජාතික ජන බලවේගයට භාරදීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාව දැනටමත් තීරණය කර හමාරයි. දැන් ඔබ ඇස් ඉදිරිපිටම දිස්වන්නේ මාලිමාවේ නියත ජයග්‍රහණයයි.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා
“ගම්පහ නාලක ගොඩහේවා එදා ජාතිවාදය අවුස්සලා දිස්ත්‍රික්කයේ මනාපවලින් පළවෙනියා වුණා. අද කිසිම හිරිකිතයක් නැතිව සජිත්ගේ දෙපා ළඟ වැටිලා දෙපතුල ලෙව කනවා. මේක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ලොකුම අගෞරවය නොවෙයිද?
දැන් පනින අය ඔක්කොම කියන්නේ ඒ පනින්නේ රට වෙනුවෙන් කියලා. ඒ නිසා දැන් රට කියන වචනයට සමාන තව අලුත් වචනයක් ඇවිල්ලා. ඒ කියන්නේ රට සමානයි බඩ. චම්පික පනින්නෙත් රට වෙනුවෙන්. ප්‍රසන්න පනින්නෙත් රට වෙනුවෙන්. දයාසිරි පනින්නෙත් රට වෙනුවෙන්. නමුත් ඇත්ත මොකක්ද? ඔය ඔක්කොම පනින්නේ බඩ වෙනුවෙන්. ”
ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර
“මම අවුරුදු ගණනාවක් විදේශගත වෙලා ඉන්නකොට විටින් විට ලංකාවට ආවා. මට එහිදී මගේ රට ගැන, මගේ ජනතාව ගැන ඇති වුණේ විශාල කනගාටුවක්. වේදනාවක්. මගේ රටේ මිනිසුන්ගේ කඩා වැටුණු ජීවිත දිහා දකින කොට තමයි මට ඒ වේදනාව දැනුණේ. මේ රට මෙපමණ කල් මේ දේශපාලුවන්ට කාබාසිනියා කරන්න ඉඩදීලා රටේ ජනතාව බලන් හිටියෙ ඇයි කියලා මට මා තුළම කම්පනයක් ඇති කළා. නමුත් මෙවර මම දැනට සතියකට පමණ පෙර ලංකාවට ආ විට මගේ හදවතට දැනුණේ පුදුම සුවයක්. තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන්න යන බව, නව මාවතකට පිවිසෙන්න යන බව දැනුණ නිසා තමයි මට ඒ සතුට, සුවය දැනුණේ.
සියල්ල විකුණාගෙන කන රටක් අපට මේ පාලකයන් උරුම කළා. මගේ ජීවිත කාලයට සමානව මේවා තමයි අපි අත්දැකලා තිබෙන්නෙ. එක රටකට, එක මනුෂ්‍ය සමාජයකට දිගින් දිගටම මේ තරම් විනාශ සිදු වෙන එක ගැන ඔබට පුදුම හිතෙන්නෙ නැද්ද? මගේ මුළු ජීවිත කාලය පුරාම මේ රට පාලනය කර තිබෙන්නෙ මේ රට විනාශ කළ පාලකයන්. මෙතරම් විනාශයක් කළ මේ පාලකයන් නැවත නැවතත් ඔබලාගේ ඡන්දය ඉල්ලන්න එනකොට, මට හිතෙනවා මනුෂ්‍ය සමාජයක් විදිහට අපේ සමාජය පරිණාමය වෙලා නැද්ද කියලා. ඇයි මේ තරම්ම අපේ රටේ මිනිස්සු ඔවුන්ට ඉඩදීලා මෙච්චර කල් බලන් හිටියේ? දැන් මට හිතෙනවා, ළඟදීම අපට ඒකට උත්තරයක් ලැබෙන්න යනවා කියලා. දැන් අපේ රටේ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කරගන්න පුල පුලා බලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය වටා මෙතරම්ම ජනතාව රොද බැඳගන්නෙ.”