Thursday, May 15, 2025
Home » දෙමළ භාෂා කලාප තරගවලින් දුටුගැමුණු ජාතික පාසලට ජයග්‍රහණ රැසක්

දෙමළ භාෂා කලාප තරගවලින් දුටුගැමුණු ජාතික පාසලට ජයග්‍රහණ රැසක්

by sachintha
August 21, 2024 1:32 am 0 comment

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2024 දෙමළ භාෂා දින කලාප තරගාවලියේදී බුත්තල දුටුගැමුණු ජාතික පාසල ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තිබේ.

මෙම තරගාවලිය පසුගියදා වැල්ලවාය මල්වත්තාවෙල ජාතික පාසලේදී පැවැත්විණ. මෙහිදී බුත්තල දුටුගැමුණු ජාතික පාසල ප්‍රථම ස්ථාන තුනක්, දෙවැනි ස්ථාන පහක් සහ තෙවැනි ස්ථාන දෙකක් දිනා තිබේ. මෙම ජයග්‍රාහකයන් දස දෙනාගෙන් අට දෙනකුම පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූ බව විදුහල්පති ආර්.එල්. රසික පල්ලියගුරු මහතා පැවසීය. මෙහිදී දෙමළ කථික ප්‍රථම ස්ථානය 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.ඒ. ෆාතිමා සහ්රා, එම තරගයෙන්ම ප්‍රථම ස්ථානය 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම්.එස්. අස්රාන් සහ දෙමළ භාෂා භාවිතය තරගයේ ප්‍රථම ස්ථානය එම්.ජේ. ෆාතිමා නූහා හිමි කරගෙන තිබිණ. දෙවැනි ස්ථානයන් දිනාගෙන තිබුණේ, දෙමළ කියවීම 9 ශ්‍රේණියේ ආර්.ඩී. රවිහංසි සුලෝෂි, දෙමළ කථික 6 ශ්‍රේණියේ ඩබ්.කේ. දෙව්ඳු උමාෂා, දෙමළ භාෂා භාවිතයෙන් 6 ශ්‍රේණියේ එල්.කේ. දිනේත්‍රා විශ්වනී, 8 ශ්‍රේණියේ ටී. ලෝදිනනී මනුප්‍රියා සහ 9 ශ්‍රේණියේ එස්.ඩී. යශෝධරා ජයනෙත්ති යන සිසු සිසුවියන්ය. තුන්වැනි ස්ථානයන් දිනා ඇත්තේ, දෙමළ කියවීම 8 ශ්‍රේණියේ එම්.ජේ. ෆාතිමා ශම්හා හා දෙමළ භාෂා භාවිතය 7 ශ්‍රේණියේ ඒ.ජේ.එම්.ඩී. අරුණොද්‍යාත් ය. විද්‍යාලයීය දෙමළ විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන ඩබ්.ඒ.ඩී. රංගා සජීවනී ගුණවර්ධන මහත්මිය මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කර තිබිණ.

 

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT