Home » බැඩ්මින්ටන් සභාපති ධුරයෙන් රොහාන් ද සිල්වා ඉවත් වෙයි

බැඩ්මින්ටන් සභාපති ධුරයෙන් රොහාන් ද සිල්වා ඉවත් වෙයි

by sachintha
August 21, 2024 1:27 am 0 comment

වසර 6ක කාල සීමාවක් පුරා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. වසර 2019දී බැඩ්මින්ටන් සභාපතිවරයා ලෙස පත් වූ රොහාන් ද සිල්වා මහතාගේ දෙවැනි ධුර කාලය නිමාවීමට තවත් මාස 9ක් ඉතිරිව තිබියදීම ඔහු ඉවත්වීමට තීරණය කර ඇත්තේ නව නායකත්වයක් යටතේ මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේය.

සිය ධුර කාලය තුළදී මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව නව යුගයක් කරා රැගෙන යෑමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළ රොහාන් ද සිල්වා මහතා ජාත්‍යන්තර මට්ටම දක්වා පමණක් නොව මෙරට ග්‍රාමීය මට්ටම දක්වා ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි. පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ සිට පාසල් මට්ටම දක්වා සියලු ආකාරයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර රැසක් බැඩ්මින්ටන් ආයතනය විසින් ගනු ලැබුවේ ඔහුගේ උපායමාර්ගික සැලසුම්වලට අනුවය. ජාත්‍යන්තර තරගාවලි, තරුණ සංවර්ධන වැඩසටහන්, ජාත්‍යන්තර සහයෝගිතා, පුහුණුකරුවන් සංවර්ධනය කිරීම, තාක්ෂණික නිලධාරීන් රට පුරා ව්‍යාප්ත කිරීම හා ජාතික සංචිත පුහුණු කිරීමේ නව ක්‍රමවේද ඇතුළු විවිධ වැඩසටහන් රැසක් එම කාලයේදී ක්‍රියාත්මක වී තිබිණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT