ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී අසේල පෙරේරා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, කේ. මහේසන්, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු, ඩයලොග් ආසිආටා පීඑල්සීහි උපසභාපති – සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි සභාපති එයාර් කොමදෝරු සුබාෂ් ජයතිලක යන මහත්වරු ජයග්‍රාහී කණ්ඩායම් නායකයන් සමඟ.
ඩයලොග් සවිබලය සමඟින්, ක්‍රීඩා, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධාන කළ ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ ක්‍රීඩා සැණකෙළිය පසුගියදා සාර්ථකව නිමා විය.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය ලෙස පැවති මේ ක්‍රීඩා උලෙළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කණ්ඩායම් ක්‍රීඩා 7ක් යටතේ පැවැත්විණි.
මේ යටතේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති ගුවන් හමුදාපති කුසලාන රග්බි තරගාවලිය පිරිමි ක්‍රීඩා සමාජ 12ක, කාන්තා කණ්ඩායම් 4ක සහ පාසල් 14ක (අවුරුදු 16න් පහළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
වොලිබෝල් ක්‍රීඩාව යටතේ පැවති ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය කොළඹ 7, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමා වූයේ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් සහ මාස් ක්‍රීඩා සමාජයත් ජයග්‍රාහකයන් බවට පත් කරමිනි.
මෙරට දී පළමු වරට පැවති ජාතික මට්ටමේ ටී10 තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් තරග කළ ගාල්ල කණ්ඩායම ශූරතාව හිමිකර ගත්තේය. මේ තරගාවලියට කණ්ඩායම් 5ක් එක්වූ අතර තරග තර්ස්ටන් විදුහල් සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණවලදී පැවැත්විණි.
ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමය විසින් 3×3 පිටියේ පවත්වනු ලැබූ තරගාවලියට කාන්තා හා පිරිමි කණ්ඩායම් 24ක් කරට කර තරග වැදුණු අතර, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් මිනි පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්විණි. ටොරින්ටන් පිටියේ පැවති නෙට්බෝල් තරගාවලියට කණ්ඩායම් 20ක් එක් වූ අතර, එහි ශූරතාව මලියදේව බාලිකා විදුහලට හිමි විය. වැසි සහිත කාලගුණය මධ්‍යයේ වුවද කොළඹ 7 Astro Turf හි පැවති ජනාධිපති රන් කුසලාන හොකී තරගාවලියට ජ්‍යෙෂ්ඨ සහ අවුරුදු 20න් පහළ කාණ්ඩ යටතේ එක් වූ කණ්ඩායම් සංඛ්‍යාව 33කි.
මේ සැණකෙළියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය හොබවමින් ඩයලොග්, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා අවකාශ සලසන අතරෙහි, අනාගත ක්‍රීඩා තරු බිහිවීමට ඉඩකඩ සලසන විශිෂ්ටත්වයෙන් යුතු ක්‍රීඩා සංස්කෘතියක්ද ගොඩනගයි.
මේ ක්‍රීඩා සැණකෙළියේ විශේෂ අංගයක් ලෙස පැරිස් 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම පිළිගෙන, එම උලෙළ සඳහා ඔවුන් පිටත් කර හැරීම ද සිදු කෙරිණි.