බොලිවුඩයේ කිං ඛාන් ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් සෑම වසරකම ඉන්දීය රුපියල් කෝටි 270ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 960ක්) පමණ උපයා ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ෂාරුක් ඛාන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු වන අතර, ඔහුගේ කණ්ඩායම නිමාවූ තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. එම ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 71ක්) කණ්ඩායමට ප්‍රදානය කෙරිණි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම කණ්ඩායමකටම ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් රූපවාහිනී විකාශන සහ අනුග්‍රාහකත්වයෙන් ලැබෙන ඉපැයීම්වලින් කොටසක් ලබා දේ.
එයට අමතරව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම අයිතිකරු ෂාරුක් ඛාන් කණ්ඩායමේ සන්නාම අනුමත කිරීම්, තරග ගාස්තු, බලයලත් ගාස්තු, ඉන්දීය ක්‍රිකට් පිරිනමන ප්‍රවේශපත්‍ර ආදායම සහ ත්‍යාග මුදල්වලින් කෝටි ගණන් මුදල් උපයා ගනී.
කෙසේ වෙතත්, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්ෂිකව කෝටි 100කට වඩා වියදම් කරන බවද පැවසේ. ක්‍රීඩකයන් මිල දී ගැනීම සහ කණ්ඩායම් කළමනාකරණය සඳහා එම රුපියල් කෝටි 100 වැය වන බව සඳහන් වේ.
ප්‍රින්ස් ගුණසේකර