Home » ඡන්ද කොළේ ගෙදරට එන දවස මෙන්න

ඡන්ද කොළේ ගෙදරට එන දවස මෙන්න

by chanaka
August 22, 2024 1:00 pm 0 comment

එළඹෙන සැප්තැම්බර් මස 08 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ 2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කරන බවය.

එමෙන්ම, රජයේ නිවාඩු දිනයක් වන සැප්තැම්බර් 08 වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා අවධාරණය කළේය.

ඒ අනුව, එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙස ඒ මහතා දැනුම් දුන්නේය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වැනිදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් අනතුරුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසා සිටියේය.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280ක් වන අතර ඒ අතරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT