Home » චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

by chanaka
August 22, 2024 9:49 am 0 comment

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවූ අවස්ථාවේ දී ය.

චීන – රුසියානු සබඳතාවල අඛණ්ඩ වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන අතර කලාපීය හා ලෝක සාමය සාක්ෂාත් කිරීමට ද එය ඉවහල් වනු ඇති බව ලී ච්‍යං එහිදී පැවසීය. රාජ්‍ය නායක දෙප‍ළගේ එකඟතා ක්‍රියාත්මක කිරීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් චීනය සූදානමින් සිටින බව ද ඔහු කියාසිටියේය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එහිදී පැවසුවේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සැමරෙන මෙම වසර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සන්ධිස්ථානගත වසරක් බවයි. නව යුගයේ රුසියානු-චීන උපායමාර්ගික හවුල්කාරිත්වය සහතික කිරීමට කැපවන බව ද ඔහු අවධාරණය කළේය.

චීන අග්‍රාමාත්‍යවරයා රුසියාවට පැමිණියේ චීන – රුසියානු රාජ්‍ය ප්‍රධානීන් අතර පැවැත්වෙන 29 වැනි නිත්‍ය රැස්වීමට සහභාගි වීම සඳහා යි. හෙතෙම රුසියානු අග්‍රාමාත්‍ය මිහයීල් මිෂුස්ටින් සමග එම රැස්වීමේ සම-මුලසුන් දැරීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT