Home » පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

by chanaka
August 22, 2024 12:57 pm 0 comment

පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(22) ලබා දී ඇත.

පසුගිය වසරේ මාර්තු මස 09 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියම කළ ද එය නියමිත නොපැවැත්වීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට අද නියම කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT