Saturday, May 10, 2025
Home » රට ගැන සිතන අය ජනාධිපති රනිල් සමඟ තව තවත් එක්වෙනවා

රට ගැන සිතන අය ජනාධිපති රනිල් සමඟ තව තවත් එක්වෙනවා

-ජනාධිපති උපදේශක ආශු මාරසිංහ

by sachintha
August 22, 2024 12:01 am 0 comment

රට ගැන සිතන සියලුම දෙනා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම පිණිස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවත් ඔහුගේ ජයග්‍රහණය නියත නිසා බිම් මට්ටමේ සිට තවත් එක්වන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

ගම්පහ පැවති වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළ අතර තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

“ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙනවා. මෙවර මැතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටියත් ඉන් තිස් අට දෙනෙකුම ඉදිරිපත්ව ඇත්තේ තම තමන්ගේ අරමුණු සහ තම බලාපොරොත්තු වෙනුවෙන්. නමුත් එක් අපේක්ෂකයෙකු පමණක් රට වෙනුවෙන් ඉදිරිපත්ව සිටිනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. රටේ ජනතාවගේ පැත්ත සිතන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.

ඊට හේතුව තමයි 2022 වර්ෂයේදී මුළුමනින්ම වැටුණු රට අනෙක් පැත්තට හරවල අලුත් මාවතකට රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතායි. උල්කාපාත වගේ වැටුණු රට රොකට් වේගයෙන් ඔසවා අපිට හදල දුන්නා. එනිසා මෙතුමා සමඟ හදා දුන්න මාර්ගයේම ඉදිරියට යාම විනා වෙනත් කිසිම දෙයක් මීට පිළිතුරු නොවෙයි. ඒ නිසා අපිට පැහැදිලියි, රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා අනිවාර්යයෙන්ම නිත්‍ය වශයෙන්ම ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පත්වෙනවා. මීට අපිට අභියෝගයක් නැහැ. අපි මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනව. අපි බලාපොරොත්තු වන්නෙ සතියෙන් සතිය ඉදිරි පියවර තබන්න.

විවිධ දූෂණයන්ට ලක්වූවන් රනිල් වික්‍රමසිංහ මහතා ළඟට විත් සිටින බවට විපක්ෂයෙන් චෝදනා තිබෙනවා නේදැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්,

“මේ ගැන ඒ අයගෙන්ම තමයි අහන්න තියෙන්නෙ. ඒ පැත්තෙ සිටින අයට චෝදනා නැද්ද? වනය කපා විනාශ කරපු අය, හන්තාන පවුලට ඉඩම් බෙදා ගත්ත අය, තව තව අයත් ඉන්නවා. හොර සල්ලි අච්චු ගහලා අහුවුණු අයෙකුගෙ පවුලෙ කෙනෙකුත් ඉන්නවා. එහෙම තියාගෙන අනෙක් අයට හොරා හොරා කියනවා. නියම හොරු ටික තමයි ඒ තැන ඉන්නෙ.”

නියම ශූරයින් ටික ඉන්නෙ තමන් ළඟ බව සජිත් ප්‍රේමදාස කියා තිබෙනවා යැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, “ශූරයින් කියන්නෙ කව්ද දන්නේ නැහැ. එයාලා ළඟ ඉන්න අය ගැන කතා කළොත්, සජිත් ඡන්දය පරාද වුණාම සමගි ජන බලවේගයේ නායකත්වය ගන්නත් සමහරු බලාගෙන ඉන්නවා. ඔය තැන්වල ඉන්නේ තමන්ගෙ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඉන්න අය. බොහෝ දෙනා බලන්නේ රට වෙනුවෙන් නොව තම තමන් ගැන සිතන අයයි. රට ගැන සිතන අය ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි. තවත් අලුත් අය රනිල් වික්‍රමසිංහ මහතාට එක්වේවි. තමන් ගැන සිතන අය ඒ තැන්වල සිටීවි. රට ගැන සිතන අය රනිල් වික්‍රමසිංහ මහතාට එක්වේවි යැයි පිළිතුරු දුන්නේය.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT