එළඹෙන සැප්තැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයේ පළමු අදියර වෙනුවෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු මේ වන විට සිය පැමිණීම තහවුරු කර ඇතැයි මාර්තු 12 ව්‍යාපාරය සදහන් කරයි.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා මෙවර ජනපතිවරණ අපේක්ෂකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් මහත්වරුන් විවාදය සඳහා සහභාගී වීම තහවුරු කර ඇත.
එසේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතාද මීට පෙර මෙම විවාදයේ පළමු අදියර සඳහා සිය පැමිණීම තහවුරු කර තිබුණි.
ජනාධිපතිවරණ විවාදයේ දෙවන හා තෙවන අදියරයන්ද සැප්තැම්බර් 08 හා 09 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන අපේක්ෂකයින් සිය අභිලාෂය එළඹෙන 24 වන දින මධ්‍යහ්න 12 ට පෙර පහත ඊමේල් ලිපිනයට යොමුකරනු ඇති බවට බලාපොරොත්තු වන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.