Sunday, May 11, 2025
Home » ජනපති ධූර අපේක්ෂකයකු පපුවේ අමාරුවකින් මියයයි

ජනපති ධූර අපේක්ෂකයකු පපුවේ අමාරුවකින් මියයයි

by chanaka
August 23, 2024 8:18 am 0 comment

මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 79 වන වියේ පසු වූ ඒ මහතා වෘත්තයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි.

චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා ඊයේ (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බව පුත්තලම රෝහල් පොලිසිය සඳහන් කළේය.

මිය ගොස් ඇති ඉල්ලියාස් මහතා පුත්තලම මස්ජීද් පටුමගේ පදිංචිව සිටි අයෙක් වන අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු අද(23) පුත්තලමේදී සිදු කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT