Thursday, May 15, 2025
Home » කට්ටපරිච්චාන් කෝවිල ළඟ වගා භූමියකින් මෝටාර් උණ්ඩ 2ක් සොයා ගනී

කට්ටපරිච්චාන් කෝවිල ළඟ වගා භූමියකින් මෝටාර් උණ්ඩ 2ක් සොයා ගනී

by mahesh
August 23, 2024 1:00 am 0 comment

ත්‍රිකුණාමලය විශේෂ - ඒ. ටී. එම්. ගුණානන්ද

මූතූර්, කට්ටපරිච්චාන් දකුණ අභිමාන් කෝවිල අසල වගා භූමියක බිම් සකස් කරද්දී යුද සමයේ වළ දමා තිබූ මෝටාර් උණ්ඩ දෙකක් පෙරේදා (21) සොයා ගැනීමට හැකි වූ බව සාම්පූර් පොලිසිය පවසයි.

දිරාපත්ව තිබූ මේ මෝටාර් උණ්ඩ දෙක වගා භූමිය අයත් රත්න කුමාර් නමැති අය බිම් සකස් කරද්දී හමුවී ඒ බව පොලිසිය දැනුම්වත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්වත් කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා මෙය නිෂ්ක්‍රීය කිරීමට සාම්පූර් පොලිසිය කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT