යාපනයේ, නෙල්ලිඅඩි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර ඇය ගැබිනියක් කළ පුද්ගලයන් තුන් දෙෙනකු මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා පෙරේදා (21) නියෝග කළේය.
මේ දැරියගේ මවගේ විවාහ පුරුෂයන් දෙදෙනාම වරින් වර මිය යෑමෙන් පසුව ඇය ජීවත් වීමට ගණිකා වෘත්තියේ යෙදී තිබේ. එම කාන්තාවගේ මස්සිනා කෙෙනකු වරින් වර කාන්තාවගේ ඇසුර පතා ඇති අතර, දිනක් ඔහුගේ මිතුරන් දෙදෙනකු මේ පාසල් දැරිය සමඟ අසම්මත ලිංගික ක්‍රියාවල නිරත වීමට අවශ්‍ය බව පවසා ඔහුට රුපියල් 5000ක් දී ඇත.
මස්සිනා එම මුදල ගෙන කාන්තාව හමුවී පවසා ඇත්තේ දැරිය විවාහ කරගැනීමට තරුණයකු කැමැත්තෙන් සිටින නිසා ඊට ඇයගේ කැමැත්තත් දැරියගේ කැමැත්තත් දෙන ලෙසයි. නමුත් දැරිය මේ විවාහයට බලවත් සේ අකමැතිවී ඇත්තේ තරුණයා අවලස්සන වීමත්, ඔහුට වෙනත් පෙම් සබඳතා තිබීම නිසාය.
මේ බව මස්සිනා විසින් මුදල් දුන් තරුණයාට පැවසීමෙන් පසුව නිවෙසේ කවරකු හෝ නොමැති අවස්ථාවක තවත් මිතුරකු සමඟ පැමිණ දැරියව බලහත්කාරයෙන් දූෂණය කර තිබේ.
එම තරුණයන් දෙදෙනා වයස අවුරුදු 21 සහ 23 වයස්වල පසුවන අතර, කාන්තාවගේ 42 හැවිරිදි මස්සිනා ද දැරිය දුෂණය කිරීමට උදව් උපකාර සහ අනුබලය දී ඔහු ද එම දැරියව දූෂණය කර ඇත. පසුව මස්සිනාගේ තර්ජන සහ බලපෑම් මත දැරියට එම තරුණයන් දෙදෙනා සමඟ ද මවගේ මස්සිනා සමඟ ද වරින් වර සංසර්ගයේ යෙදීමට සිදුව ඇත.
එක් දිනක් දැරියට තදබල ලෙස උදරාබාධයක් හටගෙන ඇති අතර, ඊට ප්‍රතිකාර ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය ගැබිනියක් බවට තහවුරුවී තිබේ.
දැරිය සිද්ධිය ගැන මවට පැවැසීමෙන් පසුව මව පොලිසියට කළ පැමිණිල්ලක් මතෙම් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් නෙල්ලිඅඩි පොලිසිය ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ තීන්දුව දී තිබේ.
දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ගෙන එම වාර්තාව අධිකරණය හමුවට ඊළඟ නඩු දිනයේදීම ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.