ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ÒFree Being MeÓ ‘සාර්ථකත්වය සඳහා කුසලතා’ යන මැයෙන් සංවිධානය කළ හෝමාගම කලාපයේ වැඩමුළුව උඩුමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේදී පැවැත්විණි.
ආත්ම විශ්වාසය සහ අභිමානය ඉහළ නැංවෙමින්, ළමා හා තරුණ මනස සවිබල ගැන්වීමේ අරමුණින්, හෝමාගම කලාපයේ පාසල් 6ක බාලදක්ෂිකාවන් දැනුම්වත් කිරීමේ මෙම වැඩසටහන මෙහෙයවීම සමාජ හා ප්‍රජා සංවර්ධන කමිටු කොමසාරිස් ඉෂානි තේනුවර මෙනවිය විසින් සිදු කෙරිණ. මෙම වැඩසටහන එම්.ඩී.එච්. ජයවර්ධන විද්‍යාලයේ විදුහල්පතිනී දිල්හානි විජේවර්ධන, පාසලේ බාලදක්ෂිකා උපදේශිකා අයංගා විජේසිංහ යන මහත්මීන් සහ හෝමාගම කලාප කොමසාරිස් ඉෂෙන්කා උදේෂිනී මෙනවිය විසින් සංවිධානය කරනු ලැබිණ.
එම අවස්ථාවට හෝමාගම කොට්ඨාසයේ බාලදක්ෂිකා කොමසාරිස්වරියන් ද කුඩා මිතුරියන්, බාලදක්ෂිකාවන්, රේන්ජර් දක්ෂිකාවන් සහ ඔවුන්ගේ මව්පියෝ ද සහභාගී වූහ.