ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘උපයෝගිතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.
SLT-MOBITEL මෙලෙස උපයෝගිතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය යටතේ සම්මාන හිමිකරගත්තේ මෙරට ඩිජිටල් තාක්ෂණයේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය හේතුවෙනි. ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ දියුණුවට උරදෙන අතරම, රට පුරා ග්‍රාමීය හා නාගරික ජනතාවට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා SLT-MOBITEL කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.
තම ව්‍යාපාර කටයුතුවලදී සෑමවිටම තිරසර හා වගකීම්සහගත ව්‍යාපාරික ක්‍රමවේද අනුගමනයකරන SLT-MOBITEL, උසස් මට්ටමේ තොරතුරු හා සන්නිවේදන විසඳුම් ඔස්සේ රටේ ආර්ථික වර්ධනය උදෙසා දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් සිටී. මේ සියල්ල ඔස්සේ රටේ ඩිජිටල් අනාගතයේ ප්‍රධානතම කොටස්කරුවෙකු බවට පත්වීමට SLT-MOBITEL සමත් වී ඇත. දැඩි තරගකාරී කාණ්ඩයක් වන උපයෝගිතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය තුළ මෙබඳු ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වීම, SLT-MOBITEL කණ්ඩායමේ උනන්දුවට හා කැපවීමට මෙන්ම නවෝත්පාදන හැකියාවන්ට මනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ. ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උලෙළ යනු ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ මෙරට සමාගම් හා ආයතන ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උලෙළකි. එම නිසා එය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උලෙළක් බවට පත් වී ඇත. එම ක්ෂේත්‍රයේ හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්ව හැඟීම් ආදිය මෙම සම්මාන උලෙළේදී ඇගයීමට ලක් වේ.