Friday, May 2, 2025
Home » මැතිව්ස් සහ කමි­ඳු­ගෙන් අර්ධ ශතක

මැතිව්ස් සහ කමි­ඳු­ගෙන් අර්ධ ශතක

ස්මිත් 111 | ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් අතේ තියන් ලකුණු 82ක් ඉදි­රි­යෙන්

by damith
August 24, 2024 1:21 am 0 comment

එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම සමඟ මැන්චෙ­ස්ට­ර්හිදි පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ගයේ බිඳ වැටුණු දෙවැනි ඉනිම යළි ගොඩ­නැ­ඟී­මට ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් සට­නක නිරත වූහ. මේ තර­ගය ඊයේ තෙවැනි දින­යට නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 204ක් රැස් කර සිටි අතර, එංග­ලන්ත පළමු ඉනි­මට වඩා ඉදි­රි­යෙන් සිටියේ ලකුණු 82කිනි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දි­මාල් ලකුණු 20ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. කමිඳු ඊයේ වාර්තා කළේ තෙවැනි ටෙස්ට් අර්ධ ශත­ක­යයි. ඊයේ දිවා විවේ­ක­යට ඕවර කිහි­ප­යක් තිබි­යදී එංග­ලන්ත පළමු ඉනිම නිමා වූයේ ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 122ක් ඉදි­රි­යෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනි­මේදී එංග­ලන්ත පළමු ඉනිම අබි­බවා යෑම­ටත් පෙර පිති­ක­රු­වන් සිව්දෙ­නකු යළි දැවී ගිය අතර, දිනේෂ් චන්දි­මාල් ආබා­ධ­ය­කින් පිටි­යෙන් ඉවත් විය.

අසිත ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

දිවා විවේ­ක­යට ඕවර 3ක් තිබි­යදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අතර එම ඕවර 3දීවත් කඩුලු රැක ගැනී­මට නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස්ට නොහැකි වූහ. දෙදෙ­නාම ලකුණු නොලබා දැවී ගිය අතර, මුළු ලකුණු 52 වෙද්දී දිමුත් කරු­ණා­රත්න (27) ද යළි ක්‍රීඩා­ගා­රයේ අසුන් ගත්තේය.

අංක 5 පිති­කරු ලෙස පිටි­යට පිවිසි දිනේෂ් චන්දි­මාල් ලකුණු 10ක් ලබා සිටි­යදී පන්දු­වක් අතේ වැදී­මෙන් පිටි­යෙන් ඉවත් වූ අතර, නායක ධනං­ජය ද සිල්වාගේ ඉනිම ලකුණු 11කට සීමා විය.

ජ්‍යෙෂ්ඨ පිති­කරු ඇන්ජලෝ මැතිව්ස්ට එක්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 78ක සබ­ඳ­තා­වක් පිහි­ටු­ව­මින් ඉනිම එංග­ලන්ත ලකුණු පුව­රුව අබිබවා ගෙන ගිය අතර, ඊයේ සිය 42 වැනි ටෙස්ට් අර්ධ ශත­කය රැස් කළ මැතිව්ස් ලකුණු 65කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 173ක් විය.

පළමු ඉනි­මේදී අර්ධ ශත­ක­යක් රැස් කළ මිලාන් රත්නා­ය­කට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 10ක් පමණි. ඔහු 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු චන්දි­මාල් යළි පන්දු­වට පහ­ර­දී­මට සඳහා පිටි­යට පිවි­සි­යේය. ජේමි ස්මිත්ගේ නොදැ­වුණු ඉනිම හේතු­වෙන් පෙරේදා තර­ගය දෙවැනි දින­යට නතර කරන විට එංග­ල­න්තය පළමු ඉනි­මේදී ශ්‍රී ලංකා­වට වඩා ලකුණු 23ක් ඉදි­රි­යෙන් සිටි අතර, එම වාසිය ලකුණු 122 දක්වා ඉදි­රි­යට ගෙන යෑමට ස්මිත් සමඟ එක්වූ එංග­ලන්ත පසු පෙළ පිති­ක­රුවෝ සමත් වූහ. 7 වැනි කඩු­ල්ලට ස්මිත් සමඟ එක්වූ ගස් ඇට්කි­න්සන් ලකුණු 66ක සබ­ඳ­තා­ව­කින් ඉනිම ලකුණු 300 සීමා­වෙන් එපි­ටට රැගෙන ගිය අතර, මේ තර­ග­යෙන් ටෙස්ට් වරම් ලැබූ මිලාන් රත්නා­ය­කගේ මංගල කඩුල්ල ලෙස ඇට්කි­න්සන් දැවී ගියේ ලකුණු 20ක් රැස් කර සිටි­ය­දීය.

පන්දු 136කින් සිය මංගල ටෙස්ට් ශත­කය රැස් කළ ස්මිත් 8 වැනි කඩුල්ල ලෙස පිටි­යෙන් ඉවත් කිරී­මට ප්‍රභාත් ජය­සූ­රිය සමත් වූ අතර, ඒ වන විට ඔහු පන්දු 148කදී හතරේ පහර 8ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 111ක් රැස් කර තිබිණි.

මේ තර­ගයේ සිව්වැනි කඩුල්ල ලෙස මාක් වුඩ් ලකුණු 22කට දවා ගැනී­මට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, මුළු ලකුණු 358දී විශ්ව ප්‍රනාන්දු විසින් මැතිව් පොට්ස් දවා ගැනී­මත් සමඟ එංග­ලන්ත ඉනිම නිමා විය.

පන්දු යැවී­මේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දැමූ අතර, ප්‍රභාත් ජය­සූ­රිය කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නා­යක කඩු­ල්ලක් දවා ගත්හ.

අද තර­ගයේ සිව්වැනි දින­යයි.

****

ශ්‍රී ලංකා පළමු ඉනිම – 236 (ඕවර 74) ධනං­ජය ද සිල්වා 74, මිලාන් රත්නා­යක 72 (ක්‍රිස් වෝක්ස් 32/3, ෂොයිබ් බෂීර් 55/3, ගස් ඇට්කි­න්සන් 48/2)

එංග­ලන්ත පළමු ඉනිම – 358 (ඕවර 85.3) ජේමි ස්මිත් 111, හැරී බෘෘක් 56 (අසිත ප්‍රනාන්දු 103/4, ප්‍රභාත් ජය­සූ­රිය 85/3, විශ්ව ප්‍රනාන්දු 73/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

නිශාන් මධුෂ්ක ප.වෝක්ස් 0
දිමුත් කරු­ණා­රත්න ඇ.බෘෘක් ප.වුඩ් 27
කුසල් මෙන්ඩිස් ඇ.ස්මිත් ප.ඇට්කි­න්සන් 0
ඇන්ජලෝ මැතිව්ස් ඇ.පොට්ස් ප.වෝක්ස් 65
දිනේෂ් චන්දි­මාල් නොදැවී 20
ධනං­ජය ද සිල්වා ක.මු.ක. ප.පොට්ස් 11
කමිඳු මෙන්ඩිස් නොදැවී 56
මිලාන් රත්නා­යක අ.ඩුකට් ප.රූට් 10

අති­රේක 15

එක­තුව කඩුලු 6ක් දැවී (ඕවර 60) 204

කඩුලු බිඳ වැටීම: 1-0, 2-1, 3-52, 3-74, 4-95, 5-173, 6-190

පන්දු යැවීම: වෝක්ස් 12-3-34-2, ඇට්කි­න්සන් 10-1-38-1, බෂීර් 16-0-61-0, වුඩ් 10.2-1-36-1, පොට්ස් 11-4-26-1, රූට් 0.4-0-1-1.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT