Saturday, May 10, 2025
Home » ප්‍රතිචාර වඩාත් භයානක බව ඉරානයත් දැනගත යුතුයි

ප්‍රතිචාර වඩාත් භයානක බව ඉරානයත් දැනගත යුතුයි

-ඊශ්‍රායල අගමැතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

by sachintha
August 26, 2024 1:58 am 0 comment

ඉරානයෙන් සහාය ලැබෙන හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ලෙබනනයට එල්ල කරන මිසයිල ප්‍රහාර අවසන් නොකරන බවත්, එය ඉරානයත් දැනගත යුතු බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘මෙය අවසානය නොවන බව හිස්බුල්ලා සංවිධානයත්, ඉරානයත් දැනගත යුතු බව‘ ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බවත්, හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරවලින් විශාල ප්‍රමාණයක් ගුවනේදීම විනාශ කිරීමට හැකිවූ බවත් ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT