Home » දූෂණ විරෝධී පනත ගැන සාකච්ඡාවක්

දූෂණ විරෝධී පනත ගැන සාකච්ඡාවක්

by chanaka
August 26, 2024 2:51 pm 0 comment

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ඇතුළු නියෝජත පිරිසක් සමග සාකච්ඡාවක් අද(26)පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

අලුතින් සකස් කරන ලද දූෂණ විරෝධී පනත පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකල අතර නව දූෂණ විරෝධී පනතෙහි ඇති ගැටළුකාරී තත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බදුන් විය. නව දූෂණ විරෝධී පනතෙහි ඇති ගැටළුකාරී තත්වයන් සංශෝධනය කිරීමට නිර්දේශ ලබාදීම සඳහා කමිටුවක් පත් කිරීම වඩා යෝග්‍ය බව මෙම සාකච්ඡාවේදී යෝජනා විය. අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කිරීම සඳහා අමාත්‍යතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවෙහි කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශයේ , නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ආදී ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT