ජපානයේ හිරෝෂිමා ආයතනයෙන් ළමයින් සඳහා වන සාම සමුළුවේදී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේදී අපේ රට නියෝජනය කරමින් එයට සහභාගි වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය ලෝක සාම සම්මානය ( World Peaceful Award) හිමි කරගැනීමට සමත්ව තිබේ.
එම සම්මානය දිනා ඇය පෙරේදා (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියාය.
යශෝධරා, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මේ සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් පසුගිය 20 වැනි දින පැවති අතර, එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි.
යශෝධරා පිළිගැනීමට ඇයගේ මවුපියන්, පාසලේ ගුරු භවතුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල