Thursday, May 8, 2025
Home » ලෝක සාම සම්මානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ කවීෂි යශෝධරා හිමි කර ගනී
ජපානයේ හිරෝෂිමා හි සාම සමුළුවේ කථික තරගයෙන්

ලෝක සාම සම්මානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ කවීෂි යශෝධරා හිමි කර ගනී

by sachintha
August 26, 2024 1:50 am 0 comment

ජපානයේ හිරෝෂිමා ආයතනයෙන් ළමයින් සඳහා වන සාම සමුළුවේදී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේදී අපේ රට නියෝජනය කරමින් එයට සහභාගි වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය ලෝක සාම සම්මානය ( World Peaceful Award) හිමි කරගැනීමට සමත්ව තිබේ.

එම සම්මානය දිනා ඇය පෙරේදා (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියාය.

යශෝධරා, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මේ සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් පසුගිය 20 වැනි දින පැවති අතර, එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි.

යශෝධරා පිළිගැනීමට ඇයගේ මවුපියන්, පාසලේ ගුරු භවතුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT