Home » මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථක නිමවා ඉන්දීය භට පිරිස පිටත්ව යයි

මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථක නිමවා ඉන්දීය භට පිරිස පිටත්ව යයි

by chanaka
August 26, 2024 2:56 pm 0 comment

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දු-ලංකා යුධ හමුදා අතර පවත්වනු ලබු මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දිය භට පිරිස ඊයේ(25) දිවයිනෙන් පිටත්ව යන ලදි.

මේ මස 12වැනිදා දිවයිනට පැමිණි ඉන්දීය භට පිරිස පුරා දින 12ක් මාදුරුඔය ප්‍රදේශයේදී මෙම යුධ අභ්‍යාසය සඳහා එක්විය. එහිදී ශ්‍රි ලංකා යුද හමුදාවේ භට පිරිස් සමග ඒකාබද්ධ යුධ අභ්‍යාසයන් හි නිරත විය. මෙහිදී ප්‍රතිත්‍රස්ත යුධ උපක්‍රම , එහි න්‍යාත්මක දේශන හා ප්‍රායෝගික යුධ අභ්‍යාසයන්හි නිරත වීමට දෙරටේ භට පිරිස් සඳහා අවස්ථාව උදාවිය. නවීන යුද උපායන්, තාක්ෂණය හා එය භාවිතය පිළිබඳ අත්දැකීම් දෙරටේ භට පිරිස් අතර හුවමාරු කර ගැනීම සිදු අතර, භට පිරිස් අතර දෙරට පිළිබඳ දැනුම හා සහයෝගීතාවය වර්ධනය සඳහා සංස්කෘතික හා ක්‍රීඩා වැඩසටහන් ද සංවිධානය කර තිබුනි.

දිවයිනෙන් පිටත්ව ගිය භට පිරිස ඉන්දිය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත් වු අතර එම අවස්ථාව සදහා යුධ හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් වජිර වෙලගෙදර , මෙම අභ්‍යාසයේ අධ්‍යක්ෂ හා 59 වන සේනංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් දිනෙෂ් උඩුගම ඇතුලු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT