Home » මහරගම නොමිලේ දේශීය වෛද්‍ය සායනයක්

මහරගම නොමිලේ දේශීය වෛද්‍ය සායනයක්

by sachintha
August 26, 2024 1:55 am 0 comment

මහරගම, දෙපානම ගලඋඩ ශ්‍රී ධර්මවිජය විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වී වදාළ ආයුර්වේද වෛද්‍ය බැරගම අරියබෝධි ස්වාමීන් වහන්සේ වසර හතළිහක (40) පමණ කාලයක් පවත්වාගෙන ගිය දේශීය වෛද්‍ය ආයතනය, එම ස්ථානයට නුදුරු ස්ථානයක ස්ථාපනය කිරීම නිමිතිකොට ගෙන, 25 වන ඉරිදා දින පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා නොමිලේ දේශීය වෛද්‍ය සායනයක් පැවැත්විණ.

මෙම වෛද්‍ය සායනය සම්බන්ධව එම ස්ථානයේ දේශීය වෛද්‍ය එච්. හේවාපතිරණ මාධ්‍යයට පවසමින්, මහරගම ආයුර්වේද සංරක්ෂණ සභාව ප්‍රමුඛ කරගෙන දේශීය ආයුර්වේද වෛද්‍යවරු විසි දෙදෙනකු (22) ගෙන් සමන්විතවූ වෛද්‍ය කණ්ඩායමක් යොදාගෙන මෙම ස්ථානයේ වෛද්‍ය ප්‍රතිකාර, තෙල් සහ ඖෂධ ලබාදීමේ වෛද්‍ය සායනයක් පැවැත්වෙන අතර, තෙල් සම්භාහන ශිල්පීන් පහළොස් දෙනකු (15) යොදා ගෙන අභ්‍යන්තර හා බාහිර තෙල් සම්භාහන කිරීම සිදු කරනු ලබන බව පැවැසීය.

මහරගම – උදේනි චන්ද්‍රසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT