Home » කොලොන්නාවේ තරුණයන්ට ව්‍යවසායකත්ව වැඩමුළුවක්

කොලොන්නාවේ තරුණයන්ට ව්‍යවසායකත්ව වැඩමුළුවක්

by sachintha
August 26, 2024 1:56 am 0 comment

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්‍රාම සංවර්ධන පර්යේෂණ අභ්‍යාස ආයතනය එක්ව, ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් Ò තරුණ ප්‍රජාව ව්‍යවසායකත්වය හා නායකත්වය ඔස්සේ සවිබල ගැන්වීම Ò යන මැයෙන් වූ වැඩමුළුවක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා බෞද්ධ සමායෝජක නිලධාරී පූජ්‍ය අගුණකොළපැලැස්සේ විපුලසිරි හිමි, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිළිණි කරන්නාගොඩ, පුහුණු උපදේශිකා මංගලිකා වනසුන්දර, පුහුණු උපදේශක සිරිසේන, තරුණ සේවා නිලධාරී ආනන්ද ජයවීර, පරිපාලන නිලධාරී දීපිකා ජයන්ති යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT