Home » දේශ­පා­ලන වේදි­කාවේ කලා­ක­රු­වන් සමඟ බුද්ධි­ම­ත්හු ද එක්වෙති
බුද්ධිගේ මතකයෙන්

දේශ­පා­ලන වේදි­කාවේ කලා­ක­රු­වන් සමඟ බුද්ධි­ම­ත්හු ද එක්වෙති

by Gayan Abeykoon
August 29, 2024 1:08 am 0 comment

බුද්ධ­දාස ගල­ප්පත්ති

පසු­ගිය සතියේ මගේ ලිපි­යෙන් සිහි­පත් කළේ 70 මහ මැති­ව­ර­ණයේ දී ප්‍රධාන පක්ෂ වෙනු­වෙන් වේදි­කා­වට නැගි නළු නිළි­යන්, ගායක ගායි­කා­වන් පිළි­බඳ මතක බිඳකි. එම මැති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­ර­යේදී ප්‍රථම වරට මෙරට විශ්ව­වි­ද්‍යාල ආචාර්ය මණ්ඩල නියෝ­ජ­න­යක් සිදු­වීම ද කැපී පෙනුණු ඓති­හා­සික සිදු­වී­මක් බව සට­හන් කළ යුතු වේ. 70 මහ­මැ­ති­ව­ර­ණයේ දී තරග කළ පාලක පක්ෂයේ දෙටු අමා­ත්‍ය­ව­රුන් සිය­ල්ලම පාහේ පරා­ජ­යට පත් විය.

එවර ඇද­වැ­ටුණු අමාත්‍ය බළ­කණු වූයේ සී.පී.ද සිල්වා, මාක්ස්වා­දයේ පියා ලෙස සැල­කුණු පිලිප් ගුණ­ව­ර්ධන, ඇම්.ඩී.බණ්ඩා, ඊ.එල්.බී හුරුල්ලේ, එම්.ඩී.එච්. ජය­ව­ර්ධන,මොන්ටේගු ජය­ව­ර්ධන, ඇම්.එච්. මොහ­මඩ්, යූ.බී. වන්නි­නා­යක , අශෝක කරු­ණා­රත්න, හියු ප්‍රනාන්දු හා  අයි.එම්.ආර්.ඒ. ඊරි­ය­ගොල්ල ආදීන් ය.

මෙලෙස පරා­ජ­යට පත්වූ ඇම­ති­ව­රුන් අතර විශේෂ චරි­ත­යක් වූයේ අධ්‍යා­පන හා සංස්කෘ­තික ඇමැ­තිව සිටි කුලි­යා­පි­ටිය ආස­නය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පැමිණි ඊරි­ය­ගොල්ල මහතා ය. එතු­මන් අධ්‍යා­පන ඇමැති ලෙස සිටිය දී විද්‍යෝ­දය හා විද්‍යා­ලං­කාර විශ්ව­වි­ද්‍යාල සඳහා පළ­මු­ව­රට ශිෂ්‍යා­වන්ට සර­සවි දොරටු විවර වූවත් සර­සවි ශිෂ්‍ය හා ආචාර්ය ප්‍රජාව අතර ඔහු නිර­තුරු විවේ­ච­න­යට හා හාස්‍ය­යට ලක් වූ චරි­ත­යක්ව සිටි­යේය. 70 මැති­ව­රණ ව්‍යාපා­රය උණු­සුම් වෙද්දී 1970 මැයි 13දා ඊරි­ය­ගොල්ල ඇමැ­ති­තුමා නියෝ­ජ­නය කළ කුලි­යා­පි­ටිය ආස­නයේ අපූරු ප්‍රචා­රක රැලි­යක් පැවැ­ත්විණ. එකී රැස්වී­මට එකල ශිෂ්‍ය පර­ම්ප­රා­වට සිදු වූ අක­ට­යු­තු­කම්, මර්ද­න­කාරී ප්‍රති­ප­ත්ති­ව­ලට එරෙ­හිව එදා පැවති විශ්ව­වි­ද්‍යල හත­රෙ­හිම (පේරා­දෙ­ණිය, කොළඹ, විද්‍යෝ­දය හා විද්‍යා­ලං­කාර) ආචාර්ය මණ්ඩල මහා­චා­ර්ය­ව­රුන්, කථි­කා­චා­ර්ය­ව­රුන් ප්‍රමුඛ කොට­ගත් භික්ෂූන්, සර­සවි සිසු සිසු­වි­යන් කුලි­යා­පි­ටිය නග­රය රොද බැඳ සිටියේ   අධ්‍යා­පන ඇමැ­ති­ව­ර­යාට විරෝ­ධය පෑම­ටය. එද­වස විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය නාය­ක­යන් වූ මහින්ද විජේ­සේ­කර (හිටපු අමාත්‍ය), වී. යෝග­රත්න, දේශ­බන්දු සූරි­ය­ප­ට­බැඳි, රංජිත් සම­ර­නා­යක හා එම්.ඒ. ජස්ටින් වැනි අය සමඟ ඩී.එම්.සෙනෙ­වි­රත්න (දෙයියා –  පසුව රත්න­පුර දිස්ත්‍රික් මන්ත්‍රී) ජී.අයි.ඩී. ධර්ම­සේ­කර, අ.ග. ජය­සේන, මැල්කම් විජි­ත­පාල හ විලී ගමගේ ආදීන් පෙර­මු­ණෙහි විය. රැලියේ ආක­ර්ෂ­ණී­යම මොහොත උදා වූයේ මහැ­දුරු එදි­රි­වීර සර­ච්චන්ද්‍ර වේදි­කා­වට නැඟ පහ­ළොස් දහ­ස­කට අධික පිරි­සක් ආම­න්ත්‍ර­ණය කිරීම ඇරැ­ඹී­මෙන් පසු­වය. එතුමා තම දෙසුම ඇරැඹූ මොහො­තෙහි දස­තින් නැඟුණු ඔල්ව­ර­සන් හඬින් කුලි­යා­පි­ටිය නග­රය ගිගුම් දුන්නා සේ විය.

ඔහු නාට්‍ය කලා­වෙන්ම උපුටා ගත් අපූරු චරි­ත­යක් සිහි­යට නැංවූයේ ඒ චරි­තය හා ඊරි­ය­ගොල්ල ඇමැ­ති­තුමා සමාන බව පව­ස­මිනි. ‘ මා ඉගැ­න්වීම ඇරෙ­න්නට නාට්‍ය නිෂ්පා­දන කට­යු­තු­වල නිරත වෙනවා. අපේ රටේ තියෙන පැරණි දේශීය නාඩ­ග­ම්වල බහු­බූ­ත­යෙක් ඉන්නවා. ඔහු කරන්නේ නර­ඹ­න්නන් උදා­සී­න­ත්ව­යට පත්වන කම්මැළි අව­ස්ථා­ව­ලදී ඇවිත් මොනව හරි විග­ඩ­මක් කරල නර­ඹ­න්නන් හා නාඩ­ගමේ රජුන් සතු­ටට පත් කිරී­මයි. ගෙවුණු පස් වස­රක නාඩ­ගමේ බහු­බූ­ත­යාගෙ තැන ගත්තෙ ඊරි­ය­ගොල්ල මහ­තායි. ඒ ඇරෙන්න ඔහු ගැන මට කියන්න කිසිම දෙයක් නෑ. බහු­බූ­තයා, කෝලමා කිය­ලත් සඳ­හන් වෙනවා ‘. රැස්ව සිටි­ය­වුන් නැඟූ  සිනා හඬ නිසා ඒ සිනා හඬ නතර වන තෙක් සර­ච්චන්ද්‍ර මහ­තාට තම කතාව නතර කර­න්නට සිදුවූ බව ද වාර්තා වී ඇත. මේ රැස්වීම අව­සන සිසුන් පෙරළා පැමිණි අව­ස්ථා­වේදී අත­ර­ම­ගදී එම වාහ­න­ව­ලට ගල්මුල් ප්‍රහාර එල්ල කිරී­මක් ද සිදු විය. මැයි 13දා රැස්වීමේ වාර්තාව ලියූ දවස පත්‍රයේ මාණ්ඩ­ලික ලේඛක දයා විජේ­සේ­කර මේ ශීර්ෂය භාවිත කොට තිබිණ.

“කුලි­යා­පි­ටියේ දී මැර­ව­රයෝ ගල්මුල් බෝම්බ ගසා මහා සංඝ­යාගේ ඔළු පලු කරති’. පාලක පක්ෂ­යට එරෙ­හිව සර­ච්චන්ද්‍ර වැනි මහැ­දු­රන් දේශ­පා­ලන වේදි­කා­වට ගොඩ නගිද්දී පාලක පක්ෂය වෙනු­වෙන් පෙනී සිටි­න්නට තවත් විශ්ව­වි­ද්‍යාල මහා­චා­ර්ය­වරු පිරි­සක් ද සිටි­යහ. මහා­චාර්ය ඩබ්ලිව්.එස්. කරු­ණා­රත්න, මහා­චාර්ය තිලක් රත්න­කාර වැන්නන්ගේ නම් ඒ අතර විය.

කෙසේ වුවත් සර­සවි ආචා­ර්ය­ව­රුන්ගේ  විරෝ­ධය  හේතු­වෙන් ඊරි­ය­ගොල්ල ඇමැ­ති­තු­මාට සිය අසුන අහි­මි­විය. විශ්ව­වි­ද්‍යාල ආචාර්ය හා සිසුන්ගේ විරෝ­ධය දේශ­පා­ලන කර­ළිය මත රඟ­දැ­ක්වීම 77 මැති­ව­රණ සම­යෙහි ද ඉන්ප­සුව ද නොක­ඩ­වාම දක්නට ලැබුණේ දේශ­පා­ලන වේදි­කාව මත නළු නිළි, ගායක ගායිකා රඟ­පෑ­ම්ව­ලට අම­ත­රව සර­සවි ඇදුරු භූමිකා ද එක්වීමේ සම්ප්‍ර­දා­යක් ඇති කර­මිනි.

1970 බල­යට පත් වූ රජය, ජන­රජ ව්‍යව­ස්ථාව සම්ම­ත­කොට පාර්ලි­මේ­න්තුවේ නිල කාලය 1977 දක්වා දීර්ඝ වීමෙන් පසුව 1977 දී මැති­ව­ර­ණය පව­ත්වන සමය වන කල පෙර රජයේ ආන­යන සීමා කිරීම් වැනි තත්ත්ව­යන් යටතේ ජන­තාව විවිධ ආකා­රයේ දුෂ්ක­රතා, පීඩා­වන්ට මුහුණු දුන් බැවින් පැවති රජ­යට එරෙ­හිව මැති­ව­රණ ව්‍යාපා­රය උණු­සුම් හා අභි­යෝ­ගා­ත්මක එකක් විය. මෙම මැති­ව­රණ වේදි­කා­වල ද කලා­ක­රු­වන්ගේ සහ­භා­ගි­ත්වය නොඅ­ඩුව දක්නට ලැබිණ.

සුපු­රුදු ලෙසම ගාමිණී ෆොන්සේකා 77 එක්සත් ජාතික පක්ෂ  ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පෙනී සිටි අතර ජෝ. අබේ­වි­ක්‍රම, රවීන්ද්‍ර රන්දෙ­ණිය, ඩී.එම්. දෙන­වක, ජෝති­පාල, එම්.එස්. ප්‍රනාන්දු, ලතා හා ධර්ම­දාස වල්පොළ, ක්‍රිස්ටෝ­පර් පෝල් පෙනී සිටි අතර 1978 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මෙන්ම 1982 ජන­මත විචා­ර­ණ­ය­ටත් කලා­ක­රුවෝ දෙපිළ බෙදී තමන්ගේ අපේ­ක්ෂ­ක­යන් වෙනු­වෙන් සටන් වැදු­ණහ.

විජය කුමා­ර­තුංග, ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­රයේ දැවැන්ත චරි­ත­යක් වෙමින් හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව මහ­තාගේ ජය වෙනු­වෙන් තනි­වම සටන් කළේය. ජන­මත විචා­ර­ණයේ දී විජය, සිරිල් වික්‍ර­මගේ ආදී කලා­ක­රු­වන් ඊට එරෙ­හිව හඬ නගද්දී ජෝ අබේ­වි­ක්‍රම, මාලිනී, ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙ­ණිය ආදීන් ජන­මත විචා­ර­ණය සාධා­ර­ණී­ය­ක­ර­ණය වෙනු­වෙන් පෙනී සිටි­යහ. 1988 ජනා­ධි­ප­ති­ව­රණ වේදි­කාවේ මෙන්ම 1989 මහ­මැ­ති­ව­රණ වේදි­කාව ද නළු නිළි, ගායක ගායි­කා­ව­න්ගෙන් නොඅ­ඩුව පිරී ඉතිරී පැව­තිණ.

විශේ­ෂ­යෙන්ම 1988 ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් ටවර් පද­නමේ කලා­ක­රුවෝ ප්‍රේම­දාස ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් දාය­ක­ත්වය ලබා දුන්හ. දේශ­පා­ලන කර­ළි­යෙහි රැඟුම් ගැයුම් වෙනු­වෙන් තාන්න මාන්න පම­ණක් නොව කලා­පු­ර­යෙන්, මාලි­ගා­ව­ත්තෙන්, සොයිසා පුර­යෙන් නි‍ෙව­සක් හෝ ඉඩම් කැබැ­ල්ලක් වර­දාන ලෙස ද කලා­ක­රුවෝ ලැබූහ. 1994 අගෝස්තු මහ­මැ­ති­ව­ර­ණයේ දී හා 1994 නොවැ­ම්බ­රයේ පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී දේශ­පා­ලන කර­ළිය මත දකි­න්නට ලැබුණු කලා­කරු, නළු නිළි, ගායක ගායිකා, මාධ්‍ය­වේදී හා සාහි­ත්‍ය­ක­රු­වන්ගේ භූමිකා පිළි­බ­ඳව මෙන්ම 1988 ජනා­ධි­ප­ති­ව­රණ හා මහ­මැ­ති­ව­රණ පසු­බිම හා කලා­කරු භූමිකා පිළි­බඳ 88/89 භීෂණ සමයේ අත්දැ­කීම් සමඟ විම­සිය යුතු වේ. එම පසු­බිම් තොර­තුරු හා 1994 මැති­ව­රණ පිළි­බඳ කතාං­ගය ඉදිරි සති­යෙහි බලා­පො­රොත්තු වන්න.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT