Home » “චීනයේ බලශක්ති පරිවර්තනය” ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

“චීනයේ බලශක්ති පරිවර්තනය” ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

by chanaka
August 29, 2024 2:42 pm 0 comment

“චීනයේ බලශක්ති පරිවර්තනය”නම් ධවල පත්‍රිකාව නිකුත් කෙරේ. චීන රාජ්‍ය මණ්ඩලය විසින් අද (29) එය නිකුත් කරනු ලැබීය.

එම ධවල පත්‍රිකාව ප්‍රධාන වශයෙන් කරුණු 6 ක් කෙරෙහි අවධානය යොමුකරයි. එනම්, නව යුගයේ චීනයේ බලශක්ති පරිවර්තන මාවත සැකසීම, හරිත බලශක්ති පරිභෝජනය සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපනය, නව බලශක්ති සැපයුම් පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීම, බලශක්තියේ නව ගුණාත්මක ඵලදායීතාව පුළුල් ලෙස වර්ධනය කිරීම, බලශක්ති කළමනාකරණයේ නවීකරණය ඉදිරියට ගෙන යාම සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහාය වීම යන කරුණු යි.

මධ්‍ය හා දිගුකාලීන සංවර්ධන සැලසුම් සකස් කළ චීනය වසර 2035 වන විට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වෙයි. ඒ වන විට හරිත බලශක්ති නිෂ්පාදන හා පරිභෝජන රටාවන්ට සමස්ත රට ම හැඩගැසෙනු ඇති අතර, “සුන්දර චීනය”යන ඉලක්කය මූලික වශෙයන් සපුරා ගනු ඇතැයි ද ධවල පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.

මෙම සියවසේ මැද භාගය වන විට චීනය ප්‍රබල සමාජවාදී නවීකරණ රටක් බවට පත් වනු ඇති බවත්, පිරිසිදු, අවකාබන්, ආරක්ෂිත හා කාර්යක්ෂම නව මාදිලියේ බලශක්ති පද්ධතියක් පූර්ණ වශයෙන් ස්ථාපනය කරනු ඇති බවත්, “චීනයේ බලශක්ති පරිවර්තනය”ධවල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT