Home » නීති­ඥ­භා­වය අත්හි­ටවූ විත්ති­කරු ‘බුදු අම්මෝ’ කියා සිහි­සුන්ව ඇද­වැ­ටිලා
නඩු ගොනු­වක ලේඛ­න­යක් විනාශ කිරීම

නීති­ඥ­භා­වය අත්හි­ටවූ විත්ති­කරු ‘බුදු අම්මෝ’ කියා සිහි­සුන්ව ඇද­වැ­ටිලා

by Gayan Abeykoon
August 29, 2024 1:09 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

නීති­ඥ­භා­වය අත්හි­ටුවා තිබි­යදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට අප­හාස වන අන්දමේ කරුණු ඇතු­ළත් දිවු­රුම් ප්‍රකාශ ඉදි­රි­පත් කිරීම හේතු­වෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින ඩබ්ලිව්.ඩී. ධර්ම­සිරි කරු­ණා­ර­ත්නට එරෙහි නඩුව ඊයේ (28) කැඳවූ අව­ස්ථා­වේදී Òබුදු අම්මෝÓ යැයි කෑ ගස­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ ශාලාවේ සිහි­සුන්ව ඇද­වැ­ටු­ණේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ ලේඛ­නා­ගා­ර­යට ඇතුළු වී එහි තිබූ නඩු ගොනු­වක් අන­ව­ස­ර­යෙන් ගෙන එහි තිබූ ලේඛ­න­යක් විනාශ කිරීම මඟින් නීති­ඥ­භා­වයේ වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කර ඇති බවට ඔහුට එරෙහි නඩුව මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ග­ප්පුලි සහ අර්ජුන ඔබේ­සේ­කර යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් හමුවේ කැඳ­වනු ලැබිණි.

බන්ධ­නා­ගාර නිල­ධා­රීන් විසින් ඔහු අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කර තිබිණි.

වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කිරීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල කැඳවූ අව­ස්ථා­වේදී අධි­ක­රණ ශාලාවේ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ සිට­ගෙන සිටි ඔහු එක්ව­රම ශබ්ද නඟා කෑග­ස­මින් සිහි­සුන්ව ඇද­වැ­ටිණි.

එම අව­ස්ථාවේ උප­රි­මා­ධි­ක­රණ ආර­ක්ෂක අංශය සහ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් පැමිණ ඒ මහතා රෝද පුටු­වක තබා ඉව­තට රැගෙන ගියේය.

අන­තු­රුව එම පැමි­ණිල්ල ඔක්තෝ­බර් 30 වැනි දින විභා­ග­යට ගැනී­මට නියම කළ විනි­සුරු මඬුල්ල එතෙක් ඔහු රිමාන්ඩ් භාර­යට පත් කරන ලෙස නියම කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ ලේඛ­නා­ගා­ර­යට ඇතුළු වී එහි තිබූ නඩු ගොනු­වක් අන­ව­ස­ර­යෙන් ගෙන එහි තිබූ ලේඛ­න­යක් විනාශ කිරීම මඟින් නීති­ඥ­භා­වයේ වෘත්තීය ආචා­ර­ධර්ම කඩ කළ බවට තමාට එරෙ­හිව විභාග වන නඩු­ව­කට අදා­ළව අධි­ක­ර­ණ­යට අප­හා­සා­ත්මක වන කරුණු ඇතු­ළත් ලේඛන ඉදි­රි­පත් කළ නීති­ඥ­භා­වය අත්හි­ටුවා ඇති ඩබ්ලිව්.ඩී. ධර්ම­සිරි කරු­ණා­රත්න රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉකුත් ජූලි මස 17 වැනිදා නියෝග කරන ලදි.

අභි­යා­ච­නා­ධි­ක­රණ ලේඛ­නා­ගා­රයේ තිබූ නඩු ගොනු­වක ලේඛ­න­යක් අන­ව­ස­ර­යෙන් ලබා­ගෙන විනාශ කිරීම සම්බ­න්ධ­යෙන් මෙම පුද්ග­ල­යාට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාගේ පැමි­ණි­ල්ලක් අනුව ඊට අදාළ අප­රාධ නඩුව ද මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වෙමින් පවතී.

නීති­ඥ­ව­ර­යකු ලෙස කට­යුතු කළ මෙම පුද්ග­ලයා අදාළ ක්‍රියාව මඟින් නීතිඥ වෘත්තියේ ආචා­ර­ධර්ම කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට තවත් නඩු­වක් ගොනු කර තිබිණි. එම නඩුව මීට පෙර විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී මෙම පුද්ග­ල­යාගේ නීති­ඥ­භා­වය අදාළ නඩු විභා­ගය අව­සන් වන තෙක් අත්හි­ටු­වී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළේය.

නීති­ඥ­භා­වය අත්හි­ටුවා සිටින විත්ති­කරු විසින් එම නඩු­වට අදා­ළව දිවු­රුම් ප්‍රකාශ සහ ලේඛන කිහි­ප­යක් ඉදි­රි­පත් කර තිබිණි.

ඒවා­යෙහි අධි­ක­ර­ණය විවේ­ච­නය කර­මින් සහ අධි­ක­ර­ණ­යට අප­හා­සා­ත්මක වන ආකා­රයේ කරුණු ඇතු­ළත් කර ඇති බවට අධි­ක­ර­ණය මඟින් එහිදී අව­ධා­නය යොමු කරන ලදි.

එම­ඟින් ඔහු බර­ප­තළ වර­දක් සිදු­කර ඇති බැවින් ඔහු තව­දු­ර­ටත් බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මීට පෙර තීර­ණය කළේය.

නීතිඥ යලිත් විජේ­සු­න්දර මහතා විත්ති­කරු වෙනු­වෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ශනිල් කුල­රත්න මහතා නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT