Home » රබර් පොහොර රු. 4000කින් අඩු කරයි

රබර් පොහොර රු. 4000කින් අඩු කරයි

by Gayan Abeykoon
August 29, 2024 1:11 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

රබර් වගා­ක­රු­ව­න්ටත් රුපි­යල් 4000ක පොහොර සහ­නා­ධා­ර­යක් ලබා දීමට රජය තීර­ණය කළ බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පව­සයි.

මෙරට රබර් වගා­වෙන් වැඩි අස්වැ­න්නක් ලබා ගැනීම අර­මුණු කර ගනි­මින් රජය මෙම සහ­නා­ධා­රය ලබා දෙන බව ඇමැ­ති­ව­රයා කියයි. ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන මෙම පොහොර සහ­නා­ධා­රය මෙම සතියේ සිටම ලබා දීමට පිය­වර ගෙන ඇත.

මෙරට රබර් වගා­වට වසර ගණ­නා­වක් තුළ පොහොර දැමී­මක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේ­ෂ­ණා­ය­ත­නය මඟින් කරුණු පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇත. මෙම කරුණු සැල­කි­ල්ලට ගනි­මින් රබර් වගාව සඳහා යොදන කිලෝ­ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපි­යල් 9,500 සිට රුපි­යල් 5,500ක් දක්වා මිල අඩු කිරී­මට පිය­වර ගන්නා ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා රාජ්‍ය පොහොර සමා­ගමේ සභා­පති ආචාර්ය ජගත් පෙරේරා මහ­තාට උප­දෙස් දී තිබේ.

මේ වන විට වී වගා­වට හෙක්ට­යාර එකක් සඳහා රුපි­යල් 25,000ක් වශ­යෙන් විශාල පොහොර සහ­නා­ධා­ර­යක් ලබා දී ඇති අතර එයට අම­ත­රව තේ, පොල් හා කුරුඳු වගා­වන් සඳහා රුපි­යල් 4000ක පොහොර සහ­නා­ධා­රය ලබා දීමට රජය පිය­වර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT