Home » මිනිස් පාරිභෝනයට නුසුදුසු ආහාර විකුණු වෙළෙන්ඳන්ට වැඩ වරදී

මිනිස් පාරිභෝනයට නුසුදුසු ආහාර විකුණු වෙළෙන්ඳන්ට වැඩ වරදී

by yasara
August 29, 2024 11:23 am 0 comment

මඩකලපුව කාත්තාන්කුඩි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් හෝටල්, ආපනශාලා සහ කෙටි කෑම කඩ ඊයේ (29) සවස සිදු කළ දැවැන්ත සෝදිසි කිරීම් වලදී ආපනශාලා හතරකට මුද්‍රා තබා පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස් මුරලීෂ්වරන් මහතාගේ මඟපෙන්වීම යටතේ කකාත්තාන්කුඩි  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.එල්.නසීර්දීන් මහතාගේ මඟපෙන්වීම යටතේ මඩකලපුව කාත්තාන්කුඩි  වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොට්ඨාස පහකට බෙදා එම සෝදිසි කිරීම් සහ වටලෑමේ මෙහෙයුම් සිදු කළහ. .

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස අලෙවි කිරීම, කැඩුණු, කල් ඉකුත් වූ, ප්ලාස්ටික් බහාලුම්වල ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් වාණිජ වෙළෙඳසල්වල වෙළෙඳුන් 9 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ආපනශාලා හතරකට මුද්‍රා තබා ඇත.

ඒ සමගම වෛද්‍ය සහතික නොමැතිව ආපනශාලා සහ සුලු කෑම බීමහල්වල සේවකයන් ලෙස සේවය කළ පුද්ගලයින් 45 දෙනෙකු සොයා ගත් අතර ඔවුන්ට එරෙහිව ද නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT