වෙඩික්කරු හමුදා සෙබලෙක්
අනෙක් පුද්ගලයා ධීවරයෙක්
වසන්ත සුරේන්ද්‍ර නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ අනෙක් වෙඩික්කරු සහ තවත් පුද්ගලයෙකු පානදුර පින්වත්ත ප්‍රදේශයේ බස් නැවතුමකදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා එම අපරාධයෙන් අනතුරුව මෝටර් රථය පැදවූ රියදුරු බව පොලිසිය කියයි .
ඉකුත් ජූලි මස අටවෙනි දින සිදු කළ එම ඝාතනය සම්බන්ධයෙන් විදේශගතව සිටින ලොකු පැටි නැමැත්තා වෙඩික්කරුට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලකුත් , රියදුරට ලක්ෂ දෙකක මුදලකුත් ඒවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ඝාතනයෙන් අනතුරුව කඩවතට පැමිණි මොවුන් දෙදෙනා බස් රථයෙන් බෙලිඅත්ත කරා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 හා 28 අතර පසුවන්නන්ය. වෙඩික්කරු හමුදා සෙබලක් වන අතර අනෙක් පුද්ගලයා ධීවරයෙක් බව පොලීසිය පවසයි. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති චන්න අමරසේකර පොලිස් පරීක්ෂකඑල් පි තිලකරත්න උප පොලිස් පරීක්ෂක අනුර මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.