තාක්ෂණයත් සමඟ මේ රටේ රාජ්ය සේවය බද්ධ කිරීමේ වැඩපිළිවෙළ තම ආණ්ඩුවක් යටතේ ක්රියාත්මක කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
නිසි ක්රමවේදයක් නැති වීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්ර ගැටලුව නිර්මාණය වී තිබෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් හක්මන නගරයේදී පෙරේදා (28) රාත්රියේ පැවැති ජන හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එම වැඩ කටයුතු ආරම්භ කළ අතර තොරතුරු තාක්ෂණ ගම්මාන වැඩපිළිවෙළ ක්රියාත්මක කළ බවත් එවැනි තාක්ෂණික විප්ලවයක් ආරම්භ කළ ද අරගලය හේතුවෙන් අවාසනාවට එය කරගෙන යෑමට නොහැකි වූ බවත්ය.
පාස්පෝට් පෝලිම අවසන් කිරීමට නොහැකි වූයේ තාක්ෂණය සමඟ මේ රටේ රාජ්ය සේවය බද්ධ නොවුණු නිසා බව පෙන්වා දුන් ඒ මහතා මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කරන තාක්ෂණික විප්ලවය රාජ්ය සේවයට එක් කළ යුතු බව ද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජානක තිස්සකුට්ටිආරච්චි, ඩී. වීරසිංහ නිපුණ රණවක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.