ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා අන්ත්‍රාදායක කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ වෙළෙඳසලක ගබඩා කොට තිබියදී යාපනයේ කෘෂි රසායන පාලක නිලධාරීන් විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විෂ සහිත මෙන්ම අන්තරාදායක කෘෂි රසායන තොගය ළඟ තබාගෙන සිටි ව්‍යාපාරිකයාවද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා හා කෘෂි රසායන ද්‍රව්‍ය තොගය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ගබඩාවේ කෘෂි රසායන ද්‍රව්‍යවලට අමතරව ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් කොට ඇති හා භාවිත නොවන වල් නාශක ලීටර් 3000ක් ද තිබී හමු වී ඇත.
සෙසු කෘෂි රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6000ක් මෙම වැටලීමේදී සොයාගැනීමට නිලධාරින්ට හැකි වී තිබේ. නීති විරෝධී කෘෂි රසායන ද්‍රව්‍ය පැකැට්ටුවක් යාපනයේ කෘෂි රසායන ද්‍රව්‍ය පාලක නිලධාරින්ට හමුවීමෙන් පසුව ඔවුන් ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් පසුව ඒවා අලෙවි කරන ලද මෙම ස්ථානය සොයාගැනීමට නිලධාරින්ට හැකි වී තිබේ. ව්‍යාපාරිකයා එම නිලධාරින්ට ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ සිට බෝට්ටුවකින් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයෙකුගෙන් මේ රසායන ද්‍රව්‍ය තොගය තමන් රුපියල් ලක්ෂ පනහකට මිලට ගත් බවයි.
යාපනයේ කෘෂි රසායන ද්‍රව්‍ය පාලක නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.