Wednesday, May 14, 2025
Home » සිසුවියකට මෝටර් රථය තුළ හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

සිසුවියකට මෝටර් රථය තුළ හදි කළ ගුරුවරයා අත්අඩංගුවට

by mahesh
August 30, 2024 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී. එස්. ගුණතිලක

වැල්ලවාය, බුදුරුවගල ප්‍රදේශයේ පාසලක 13 වන වසරේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ඉතිහාසය විෂය උගන්වන ගුරුවරයෙකු ඉකුත් 28 වැනිදා වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගුරුවරයා වැල්ලවාය නගරයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන අතර 2024 මාර්තු මස 09 වැනිදා උපකාරක පන්තියට පැමිණි සිසුවිය පන්තිය අවසන්වීමෙන් පසු මෝටර් රථයක නංවාගෙන ඉහළ මල්වත්තාවෙල ප්‍රදේශයට ගොස් මෝටර් රථය තුළදී ලිංගික අතවර සිදුකර ඇත.

ඒ පිළිබඳව කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනය කර තිබේ. මෙම සිද්ධියෙන් පසු දැරිය පාසලට පැමිණීම අඩුවී තිබෙන අතර ඒ පිළිබඳව පන්තියේ වෙනත් ගුරුවරියක් විමසීමේදී සිද්ධිය පිළිබඳව අනාවරණයවී ඇත. ඒ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයේ වැල්ලවාය පොලිස් ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ගුරුවරයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT