Home » තුම්මෝදර පාලම ළඟ මාර්ගයේ ඉවුර සේදී ගිහින්

තුම්මෝදර පාලම ළඟ මාර්ගයේ ඉවුර සේදී ගිහින්

ඉක්මනින් පිළිසකර කරදෙන්න ජනතාව ඉල්ලති

by mahesh
August 30, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

පාදුක්ක බෝපේ ගුරුලාන හරහා අවිස්සාවේල්ල මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ තුම්මෝදර පාලම අසල, මාර්ගයේ ඉවුර සේදී ගොස් ඇත. මීට මාස දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟම සේදී ගිය මාර්ගයේ ඉවුර, මේ වන විට ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

ලබුගම සහ කලටුවාව ජලාශ අසලින් ආරම්භ වන ඇළ ඉහළ ප්‍රදේශවලට, මීට මාස දෙකකට පමණ ඉහතදී පැවති අධික වර්ෂාවත් සමඟම ඇළ පිටාර ගලා මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ මාර්ගයේ ඉවුරද විශාල වශයෙන් ඇළට සේදී ගොස් ඇත. මෙම මාර්ගයේ ලංගම සහ පෞද්ගලික බස් රථද ධාවනය කෙරෙන අතර, එම අනාරක්ෂිත ස්ථානයේ මේ වන විට විශාල වළක්ද සෑදී ඇත. ජනතාවගේ දැන ගැනීම සඳහා අදාළ අංශ විසින් එම ස්ථානයේ බැරල් කීපයක්ද තබා ඉටි කොළ පටි අතුරා ඇතත්, එම ඉටි කොළ පටිද මේ වනවිට ගැලවී ගොස් ඇති අයුරු දැක ගත හැක.

එවැනි තත්ත්වයක් මත මෙම අනාරක්ෂිත ස්ථානය යථා තත්ත්වයට පත් කර දෙන මෙන් ප්‍රදේශයේ ජනතාව වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT