Home » කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර
කෝටි 24ක කුඩු කිලෝ 12ක් අතු­රු­දන් වීම

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

by damith
August 31, 2024 1:18 am 0 comment

නිමන්ති රණ­සිංහ සහ කොළඹ අධි­ක­රණ සමූහ - සිර­න්ජනී කුමාරි

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන් කර සාවද්‍ය පරි­හ­ර­ණය කළැයි කියන සිද්ධි­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් එම අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ භාර­කරු ලබන 04 වැනිදා දක්වා රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ (30) අව­සර ලබා දුන්නේය.

මෙලෙස රැඳ­වුම් නියෝග මත රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට අව­සර ලබා­දුන්නේ අංක 40/බී, වැඩ­මුල්ල කල්එ­ළිය ලිපි­නයේ පදිංචි මොහො­මඩ් නියාස් මොහො­මද් නදීබ් නමැති කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ ගබ­ඩාවේ හිටපු භාර­ක­රුය.

කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ තිබූ හෙරො­යින් ග්‍රෑම් 940යි මිලි­ග්‍රෑම් 321 බැගින් හෙරො­යින් අඩංගු පාර්සල් දෙකක් අතු­රු­දන් කිරීම, ඒ සඳහා කූට ලේඛන සකස් කර විශ්වා­සය කඩ කිරීම යන චෝදනා දෙක සම්බ­න්ධ­යෙන් මෙම සැක­ක­රුට වරද පහදා දී අත්අ­ඩං­ගු­වට ගත් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම සැක­කරු මෙවැනි ආකා­ර­යේම නඩු භාණ්ඩ අස්ථා­න­ගත කිරීමේ සිද්ධි­ය­කට අදා­ළව කොළඹ අප­රාධ කොට්ඨා­ස­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන වස­ර­කට ආසන්න කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිට ඇප මත මුදා­හැර ඇති සැක­ක­රු­වෙක් බවද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙසින් සැක­ක­රු­ගෙන් ප්‍ර‍ශ්න කිරී­මට අවශ්‍ය බැවින් දින හතක කාල­යක් තම දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර ලබා දෙන ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­කරු ලබන 04 වැනිදා තෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා තබා­ගෙන ප්‍ර‍ශ්න කිරී­මට අව­සර ලබා දෙමින් එදින තෙක් නඩුව කල් තැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT