මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස සිටිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් හා අවසරයකින් තොරව 2024 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කීර්ති වික්‍රමරත්න මහතා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පෙරේදා (29) පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික වශයෙන් ස්වාධීනව හා අපක්ෂපාතීව සාධනීය පළාත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් ක්‍රියාකාරී දේශපාලනයක නිරත වෙමින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛන උල්ලංඝනය වීමක් නිරීක්ෂණය වන බව ආණ්ඩුකාරවරයා පවසයි.
ඒ අනුව 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස කටයුතු කරන වික්‍රමරත්න මහතා තවදුරටත් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කළ හැකි සාමාජිකයකු නොවන බැවින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ 154 (ඇ) වගන්තිය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 33 (3) වගන්තිය ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවද ආණ්ඩුකාරවරයා පැවසුවේය.