Home » මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වෙන් කීර්ති වික්‍ර­ම­රත්න ඉව­තට

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වෙන් කීර්ති වික්‍ර­ම­රත්න ඉව­තට

by damith
August 31, 2024 1:13 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යකු ලෙස සිටි­මින් කිසිදු පූර්ව දැනුම් දීම­කින් හා අව­ස­ර­ය­කින් තොරව 2024 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වූ කීර්ති වික්‍ර­ම­රත්න මහතා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ සාමා­ජික ධුර­යෙන් ඉවත් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පෙරේදා (29) පිය­වර ගෙන තිබේ.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ සාමා­ජික වශ­යෙන් ස්වාධී­නව හා අප­ක්ෂ­පා­තීව සාධ­නීය පළාත් රාජ්‍ය සේව­යක් ස්ථාප­නය කිරී­මට කට­යුතු කළ යුතු බව අව­ධා­ර­ණය කර­මින් ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යක නිරත වෙමින් ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීම මඟින් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ චක්‍ර­ලේ­ඛන උල්ලං­ඝ­නය වීමක් නිරී­ක්ෂ­ණය වන බව ආණ්ඩු­කා­ර­ව­රයා පව­සයි.

ඒ අනුව 2024 ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යකු ලෙස කට­යුතු කරන වික්‍ර­ම­රත්න මහතා තව­දු­ර­ටත් පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ ස්වාධී­නව හා අප­ක්ෂ­පා­තීව කට­යුතු කළ හැකි සාමා­ජි­ක­යකු නොවන බැවින් ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 13 සංශෝ­ධ­නයේ 154 (ඇ) වග­න්තිය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 33 (3) වග­න්තිය ප්‍රකා­රව වහාම ක්‍රියා­ත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවා කොමි­සමේ සාමා­ජික ධුර­යෙන් ඉවත් කිරී­මට පිය­වර ගත් බවද ආණ්ඩු­කා­ර­ව­රයා පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT